Monday 3 September 2018

Malaysia Visa තනියම දාගන්න හැටි

ගොඩක් අපේ රටේ අය පිටරට ගමන් යද්දී visa දාන්නේ ඉතින් agency බුවෙක් හරහානේ. මේක ඉතින් ලේසිම විධිය කියලනේ අපේ කාගේත් මතය. මේ කියන්න හදන්නේ කතාවක් නම් නෙමෙයි Malaysia වලට තමන්ටම toursit visa හරියටම  දාගන්න විදියයි.මොකද මේ ලගදි අපේ පවුලේ අයත් Malaysia එන්න visa දැම්මනේ. මුලින්ම මතක තියාගන්න ඔනී මේ කතාව, agentලා හරහා රැ .50,000/- විතර ගෙවලා visa  අරන්  එන්න එපා. මොකද ඒ ට්‍රිප් 3 nights 4 days  trip නේ. රටක් හරියට බලාගන්න බෑ ඒ වගේ trip  එකකින්. ඔහේ පිස්සු බල්ලෝ වගේ එහෙමෙහෙ දුවන්න වෙන්නේ. මම මේ article  එකෙන් හරියට Malaysia tourist  visa දාන විදිය කියන්නම්.අඩුම ගානට හරිම විදියට. 

මම Malaysia  එන කාලෙනම් තිබ්බා Foshwa Lanka කියලා agency එකක් වගේ එකක්.Malaysia එන හැමෝම එකෙන් visa දාන එක අනිවාර්ය වෙලා තිබ්බා. එතින් හෙන කරදරයි. මොකෝ ලංකාවේ ගෑණු පිරිමිනේ වැඩ.කිසිම quality එකක් නෑ .website එකේ කිසි detail එකක් නෑ .එතනට ගියාම තමයි හරියටම ඕනි documents දැනගන්න පුළුවන්.හැබයි දැන් එහෙම නෑ .සේරම වැඩ online තියෙන්නේ. එක නිසා agents ලා වැඩක් නෑ .මොකද එයාලත් අපේ documents අරන් site එකට upload කරන එක තමයි කරන්නේ.අපිත් ඉතින් මුලින්ම agent බුවාලා දෙන්නෙක්ගෙන් ඇහුවා visa දාන්න කීයක් ගන්නවද කියලා මොකද අපේ කට්ටියට මම මෙහේ ඉන්න නිසා නවාතැන් කන්න එහෙම ඕනි නැති නිසා visa ගැන විතරක්. එකෙක් ඉල්ලුවා එක්කෙනෙක්ට visa දාන්න  රැ .10500/- කුයි   රැ.1000/- handling fee කියලා.අනිකා ඉල්ලුවා රැ .6500/-. ඉතින් ගිනි ගනන්නේ. ඇත්තටම වැඩේට යන්නේ රැ .4750/- වගේ ඒක්කෙනෙට. ඉතුරැ සේරම agents අපේ අහිංසක මිනිස්සුන්ගෙන් කඩාගන්න සල්ලි.එකියි මම මේක blog එකේ   දාන්නේ. මොකද 
documents  ටික හරියටම දැම්මොත් පැය 48 ඇතුලත visa දෙනවා.වෙන කවුරුත් ඕනි නෑ .

මම කාටත් ලේසි වෙන්න මුලු පවුලකටම visa  දාන විදිය example එකකින් දාන්නම් .එතකොට ඔයාලාට අවශ්‍ය documents ඒ example  එක බලලා හදාගන්න. මගේ example  එකේ විස දාන්නේ වැඩිහිටි 2යි (ගෑණු 1 පිරිමි 1) සහ  1 ළමයයි .

පියවර 1: documents එකතු කරගන්න.

මේ documents  කාටත් ඕනි.

1.Passport එක (මාස 6 වත් ඉස්සරහාට කල් වලංගු වෙන්න ඕනි)

2.Passport  සයිස් එකේ photo සහ soft copy (online  upload  කරන්න ඕනි නිසා photo ගහන studio එකෙන්ම soft copy ඉල්ලගන්න.hard copy ලග තියාගන්න ඒවත් පස්සේ ඕනි වෙනවා. මතක තියාගන්න photo එකේ background  එක සුදු පාටටයි මෙහේ tourist visa වලට ඉල්ලන්නේ.සුදුපාට background එකක මතක ඇතුව ෆොටෝ එක ගන්න.

3.Birth Certificate එකේ English translation එකක් - මේක විදි 2කින් කරගන්න පුළුවන්.
         2.  ඕනෑම දිවුරුම් දුන් නීතිඥයෙක් (A Sworn Attorney)
4. Return  Flight Tickets (මතක තියාගන්න agency වලින්, travel App වලින්  book කරන්න එපා.මෙහෙ එන්න තියන ලාබම airline එක තමයි airasia මේකෙන් ticket book කරන්න. ticket book කරන්න කලින් ඔයාගේ email එක වැඩද බලන්න මොකද ticket එක (airaisa නම් travel itinerary එක) email එකට එනවා. අනික ඔයාගේ visa approve උනාම එක එන්නෙත් email එකටමයි.

5. බැංකුවෙන් ලියුමක් - ඔයාගේ savings account එකේ සල්ලි තියෙනවා ඒ සල්ලි ඔයාට ඕනි වෙලාවක ගන්න පුළුවන් කියල ලියුමක් ගන්න ඕනි.මේක මතක ඇතිව manager  ලවා sign කරලා සීල්  කරවාත් ගන්න අනිවාර්යයෙන්. account  එකේ රැ .100,000/- ලියුම ගද්දි තියනවනම් තමා හොද. ලියුම ගත්ත ගමන් withdraw කරලා අනිත් යන කෙනාට දාල ලියුමක් ගත්තත් කිසි අවුලක් නෑ .

6. පහුගිය මාස 3 සදහා Bank Statement එක - agent ලගේ ලොකු බොරුවක් තමයි 3 months රැ 100,000/- account එකේ තියෙන්න ඕනි කියන එක.එක අමුලික බොරුවක්. bank account එක visa apply කරන කෙනාගේ නමින් තිබීම විතරයි එකම අවශ්‍යතාවය. මේකත් සීල් එක තියාගන්න statement එකේ හැම පිටුවේම.

7.නවාතැන් සහතිකය. (Accommodation Booking Confirmation  ) - මේකත් ආකාර 2යි.
    1. හෝටල් තමන්ම book කිරීම. - ලංකාවට සාපේක්ෂව හෝටල් ගණන් අඩුයි                         මෙන්න  මේ site  දෙකම අඩුවට booking හොයාගන්න පුළුවන්.
            * booking.com 
            *airbnb 
         මේකෙත් confirmation එක email එකකින් එනවා.
    2. නෑයෙක් හරි යාලුවෙක් හරි මෙහෙ ඉන්නවානම් එයාලට ඔයාට නවාතැන් දෙන්න පුළුවන් නම් sponsor letter කියල එයාගෙන් ලියුමක් ඉල්ලගන්නත් පුළුවන්.හැබැයි එයා sign කරලා එයාගේ පස්ස්පෝර්ට් විසා copy එක්ක letter එක ඔයාට scan කරලා email කරගන්න වෙනවා.තව එයාගේ address proof එහෙමත් ඕනි වෙන්න පුළුවන්. මතක තියාගන්න මේ නැයාගේ ඔයාගෙයි නෑකම ඔප්පු කරන්න documents ඉල්ලන්න පුළුවන්.ඒවත් translate කරලා තියාගන්න (උ.දා. : කසාද සහතික )

 *කොහොම කලත් මතක තියාගන්න ඔයා මෙහේ ඉන්න මුළු කාලෙටම ඔයාට නවාතැන් තියනවා කියන එක පෙන්නන.හෝටල් නම් ලේසියි මේක booking dates වලින් එක පේනවනේ .කවුරැහරි sponsor කරනවානම් ඒ letter එකේ හරියම යන එන දවස් ඒ කාලේ එහෙ ඉන්නේ කියන හැමදේම මතක ඇතුව letter  එකේ දාගන්න.පස්සේ චෝර වෙන්න ඕනි නෑ එතකොට.

8.Visa Request Letter - ඔයා letter එකක් ලියන්න ඕනි immigration officer ට.visa request කරලා. මේකත් ලේසි.ඔය tourism වලට එන්නේ.විස දෙන්න කියල letter එකක්.easy !

පියවර 2:visa  දාන්න.

මේ සේරම documents  තියෙනවනම් දැන් තියෙන්නේ visa දාන්න. එකට යන්න ඕනි මෙන්න මේ site එකට.වෙන කිසිම site එකක් genuine නෑ .මේක තමයි මෙහේ රජයෙන් කරන site  එක. WindowMalaysia link එකෙන් ඒ site එකට යන්න.

1. දැන් අලුත් account  එකක් create කරන්න

2. Apply Visa එකෙන් ඔයාගේ documents සෙරම දාලා Visa Apply කරන්න.

3. සතියක් ඇතුලත ඔක්කොම සෙටල් වෙනවා. එකනිසා Email ගැන alert එකෙන් ඉන්න

HAPPY TRAVELS.