ආයුබෝන්! ඔන්න බොහෝමත් කාලෙකට පස්සේ බ්ලොග් රෝලට අලුත් ලියමනක් දාන්ට හිතුනා. කාරණාව තුටු වෙන්ට කාරණයක්ද නැද්ද මන්දා කොහොම උනත් මේක ලියන්ට හේතුව නම් අපි ( මමයි මා එක්ක එංගලන්තේ ආව යාලුවෝ ටිකයි ) මෙහෙ ඇවිත් අදට අවුරුදු 2යි. ඉතින් අද පොඩ්ඩක් ආපහු හැරිලා බලන්ට හිතුනා ඒ අවුරුදු 2ට කලින් කාලේ ගැන. ඉතින් මෙහෙට එනකොට අපි කවුරුත් හිතන් උන්නේ MSc එහෙම ගහන්ට ඕනි කියලානේ. යන්තන් එතින් අපේ උන් ගොඩක් ඒක නම් කොරගත්තානේ. අනිත් උන් ටිකත් ලගදීම එවා ගොඩදාගන්නේ නැතෑ. ඉතින් මොකෝ මේ ලියමනේ තේරුම කියලා දැන් ඔහෙලාට හිතෙනවාත් ඇතිනේ. මමත් ඒක හරියට දන්නේ නෑ. ඉස්සරහට බලමුකෝ.
අද උපන් ලංකාවෙන් සැතපුම් දහස්ගානක් දුර ඉද්දී රෑට ගෙදර එනකොට අම්මා "පුතේ කාලද ඉන්නේ ? " කියලා අහනවා අද වගේ මතකයි. ඒ වුනාට දැන් ඉතින් එහෙම අහන්ට ඉන්නේ කවුද.ගෙදර එන්න පරක්කු උනාම " අද කොහේද ගියේ ?" කියලා අහන්ට කෝ තාත්තා ලග නැනේ. ඒ දවස්වලනම් ඒක මහ වදයක් කියලා නේද හිතුනේ. දෑන් ඉතින් රෑට ගෙදර ආවත් නාවත් කවුරු දනීද කවුරු අහයිද.
එදා එක බත් එක කැන්ටිමෙන් කාපු යාලුවෝ මතක් වෙනවා අද වගේ. මතකද සමහර උන් ඔක්කෝටම කලින් බිත්තරේ කටේ දාගන්නවා පෙරේත කමට. අපිත් ඉතින් ඒ වෙලාවට පදෙන් ඇමතුවාට මොකෝ බන් උබලා නැතුව පාලුයි මචන්.එකට බෝඩින් වල සෙට් වෙලා රෑ එලි වෙනකන් කුප්පි දාලා එකට පාඩන් කරපු උබලා නැතුව පාලුයි බන්. මට තාම මතකයි exam ඉවරවෙලා එලියට ඇවිත් මචන් උබ නිසා මේක ගොඩගියා කියපු යාලුවෝ. උගුර ලේ රහ වෙනකම් උබලාට කියා දුන්නට පාඩු නෑ මචන්. හවසට ක්‍රිකට් සෙල්ලම් කරපු රෑට කැරම් ගහපු උබලා නැතිව පාලුයි බන්. ඉස්සර ලකුනට දෙකට කෑගහගත්තට ග්‍රවුන්ඩ් එකෙන් එලියට ඒවා ගියේ නෑනේ බන් කවදාවත්. ඇයි එතකොට කෙල්ලෝ සීන් කරන්න , පස්සෙන් යන්න එහෙම ආපු උබලාත් අමතක නෑ මචන්. පොඩි කට්ටවල්ද අපි කෑවේ නේ. එකෙක් සීන් කරද්දී කීයක් උගේ සප් එකට ගියාද නේ. ඕන වැඩකදී කරමු මචන් කියලා අපි අතගහපු හැම මගුලකටම ආව උබලාත් තාම මතකයි මචන්.උබලා නොහිටියානම් අපේ යුනි ජීවිතේ පුස් බන්.
සමහරු ඉතින් අපි රබර් සෙරෙප්පු දාලා කැම්පස් ආවාම අපි ගොඩයෝ කියලා හිතුවාට රැවුල වැව්ව පලියට කුඩු කාරයෙක් ජේ.වී.පී. කාරයෙක් කියලා හිතුවාට, ඩෙනිම් 2ක් හෝද හෝද ඇදපු නිසා හිගන්නෝ කියලා හිතුවාට අපි ඉතින් අපේ යුනි ආතල් එක ගත්තානේ.සමහරු කැම්පස් එක ෆෑෂන් ශෝ එක්ක කියලා හිතුවාට අපි මක්කරන්නද අපේ අම්මලා තාත්තාලා දුක් මහන්සි වෙලා අපිව එතනට ගෙනාවේ ඉගෙනගන්නනේ. මොනා උනත් ඒදේ අපි කලානේ කියලා සතුටුයි ගොඩක්. නැද්ද මචන්ලා. ඉතින් එහෙම අපිව පිට පොත්තෙන් හංවඩු නොගහපු අපේ බැජියොත් අපේ යාලුවොත් මතක් කරන්නේ ආදරෙන්. අපි රස්තියාදු කාරයෝ කියලා හිතපු අය ගැනත් තරහක් නෑ. උබලා නැතුවාට අපිට ගොඩාක් යාලුවෝ හිටියා බන්. උබලා නැතුවාට අඩුවක් නෑ. ඉතින් දෙමාපියෝ යාලුවෝ සේරම දාලා ඇවිත් අවුරුදු 2ක් උනාට අපිට කවුරුත් අමතක නෑ. අද වාගේ මතකයි. වචනෙකින් හරි උදව්වක් කරපු උබලා වගේ මිනිස්සු දාලා එන්න උනේ අවාසනාවට. මොනා උනත් අදටත් ඒ වගේ කොල්ලෝ සෙට් එකක් මෙහේ අපි එක්ක ඉන්න එක හිතට සැනසීමක්. කොහොම වෙතත් ලංකාවේ ඉන්න උබල එක්ක වැඩිය කතාවට වෙලා නැතුවාට අපි එදා වගේමයි. ඉස්සරහත් එහෙමයි.
ela rakiya....
ReplyDeleteAdenawa yako thani ahata!!! :-(
ReplyDelete:)
ReplyDeletehmm..owa amathaka wenne ne kawadaawath...jaya wewa
ReplyDeleteNice one Raki :)
ReplyDeletegud one rakitha :)
ReplyDeleteheta office eke leave ekak dala man me talk ekata dawasema adanawa
ReplyDeleteGoody goody mithun