Sunday, 21 August 2011

ඩහම් අයියාගේ ලියුම් කඩදහිය

අද ඉරිදා නිවාඩු දවසේ අමුතුම විදියේ දෙයක් මේ බ්ලොග් රෝලට දාන්නයි සූදානම. අපි කොයි කාට උනත් සමාජ ක්‍රමයට, අධයාපන ක්‍රමය ගැන එතකොට නීතිය ගැන එහෙම විවිධාකාර මත තියෙනවානේ. අද රෝලට දාන්න යන්නේ අපේ මිත්‍රයෙක්ට අන්න ඒ වගේ වර්තමාන මාධය ගැන තියෙන පොඩි මතවාදයක්. මේ ලිපිය මට මේ මිත්‍රයා එවුවේ මීට සති කීපයකට උඩදී මූණුපොතෙන්. ඔන්න ඉල්ලපු විදියටම බ්ලොග් රෝලේ ඉඩකඩ දෙනවා මගේ මිත්‍රයාගේ ඉල්ලීමට. ඔන්න මට ආපු ලිපිය තමයි මේ.



""අපි පොඩි කාලෙ පඳුරකට ගැහුවම පහ හයක් එළියට විසි වෙන තරම් ටීවී චැනල් තිබුණෙ නැහැ. දෙකයි තුනයි තිබුණෙ. ඒ තිබුණ ඒවයිනුත් අපි නිතරම බැලුවෙ ජාතික රූපවාහිනිය තමයි. මතක විදියට ඒ කාලෙ බලන්න නුසුදුසුයි කියල කිසිම වැඩසටහනක් තිබුණෙ නැති තරම්. ඒත් තිබුණු සුළු වැඩසටහන් ගොන්නෙනුත් වැඩිපුරම හිත ගිහිල්ල තිබුණෙ ඔෂින්, දොස්තර හොඳ හිත, හා හා හරි හාවා වගේ වැඩසටහන්වලට. මේ ඔක්කොම අපේ ටයිටස් තොටවත්තයන්ගෙ නෙව. ඔය කාලෙම තමයි විශේෂ අධ්යාපන සේවය කියල එකකුත් රූපවාහිනියෙ පටන් ගත්තෙ. මේකෙත් ගොඩක් බලන්න වටින වැඩසටහන් ප්රචාරය වුණා. ගී හත, මනෝහාරී වගේ සංගීත වැඩසටහනුත් නොවැරදීම බලනවා. ඇයි අපේ හේම නලීන්ගෙ නමයයි පහ?


එත් අද මම අසරණ වෙලා වගේ හිතට දැනෙනවා 
ඔයාගේ ඔය ගල් ලෑල්ලේ ඉඩ තියනවනම් ඔක ගෙනත් ලියල බලන්න..
සදා ආදර
ඩහම් අය්යා""

ඉල්ලුම හා සැපයුම මත මිල තීරණය වෙන සමාජයක අපේ ඩහම් අයියාගේ කන්සෙප්ට් එකේ ප්‍රරෑක්ටිකැලිටි එක ගැන ගොඩක් අය වාද කරාවි.මේ ගැන දීර්ඝ ලිපියක් අපේ ඩහම් අයියාගෙන් හෝ මගේ අතින් ලගදීම බ්ලොග් රෝලේ පලවේවි.

ප.ලි.
මගේ මිත්‍රයෙක් මේ ලගකදී මට කිව්වා මෙන්න මෙහෙම කතාවක්.
"යකෝ උඹේ ස්ලෝගන් එක තිබ්බට බහුතරය සමග සමපාත නොවන දඩබ්බරයාද මොකක්ද කියලා උබ එහෙම දඩබ්බර දෙයක් බ්ලොග් එකේ ලියලා නෑනේ" කියලා

කතාව සම්පූර්ණ ඇත්ත නොවුනත් මම සමාජයට කෙලින්ම ගල් නොගැව්ව එක ඇත්ත. ඒ සමහර විට මමත් ඔය කෑගහන සමාජ ක්‍රමේ තවත් එක චරිතයක් නිසා වෙන්න ඇති. කොහොම උනත් දැන් ඩිරෙක්ට් ටෝක් එකක් දෙන්න කාලේ හරි වගේ හිතෙන නිසා ඔන්න ඊලග බ්ලොග් ලිපිය ලියන්න හිතුවා පොඩ්ඩක් සැර ටොපික් එකක් ගැන. ටොපික් එක තමයි "අදරය සහ ඇමුණුම්". කියනවන්න හොදේ.