Sunday 9 October 2011

සුදු ලස්සන උස මහත "ROTA"...

කාලෙකට පස්සේ ඔන්න අද බ්ලොග් රෝල අලුත් කරන්නයි හදන්නේ. අද කියන්න යන්නේ ඉතින් හාහා පුරාවට රස්සාවකට ගියපු අපේ යාලුවෙක්ගේ කතාවක්. ඔන්න කතාව මේකයි. මේ යාලුවා එංගලන්තේට ඇවිත් මිනිහාගේ උපාධිය එහෙම ඉවරකරලා ඉතින් ගෙදර ඉන්න කාලේ වෙච්චි දෙයක්. ඉතින් ඔය කාලෙට පොඩි පොඩි රස්සා කෑලි කරන එක මෙහෙ ජීවිතේ ගැටගහගන්න හැමෝම කරන දෙයක් නේ. ඔය විදියට ඉතින් මිනිහටත් ඔන්න රස්සාවක් සෙට් කරලා දුන්නා මෙහේ මිත්‍රයෝ එකතු වෙලා. කලිනුත් ඔහොම සෙට් කරලා දුන්නු රස්සාවක් ලොකු විජ්ජුම්බරයක් කරලා නැතිකරගත්ත හින්දා මිනිහා මේ රස්සාව බොහොම උනන්දුවෙන් කරන්න දැඩි අදිශ්ටානෙන් හිටියේ (ඒ කතාවේ නම "සුද්දා පැටියා" ඒකත් ලගදිම ලියන්නම්). ඉතින් ඒක නිසා ඕනිම දෙයක් බොහොම උනන්දුවෙන් හාරාඅවුස්සන ගතියකුත් මිනිහට තිබුනා.මේන්න මේ හරාඅවුස්සන්න ගිහින් තමයි අපේ මිත්‍රයා හොට පටලා ගත්තේ.
එදා ඔන්න අපේ මැන්ස් එක්ක වැඩකරන තවත් මිත්‍රයෝ කීපදෙනෙක් කතාබහ කරකර ඉද්දී ඉන් එක මිත්‍රයෙක් ඇහුවා,
පූටි : "මචන්.. උබ රෝටා කේ ෆොටෝ එකක් ගැහුවද?" කියලා.
ඉතින් මේක අහපු ගමන් අපේ මිත්‍රයාට ලොකු කුකුසක් ආවා මේ රෝටා ගැන. රෝටා එක කියන්නේ ඉතින් වැඩමුර ටික සදහන් කොලකෑල්ලටනේ. මේක නොදන්න අපේ මිත්‍රයා ඇහුවා,
මිත්‍රයා : "ආහ්.. රෝටා කියන්නේ අර සුදු උස මහත ලස්සන ගෑනු ලමයාට නේද?" (මේ වච්නම නෙමේ කිව්වේ... හිතාගන්න පුලුවන්නේ)

මේක අහලා එතන හිටපු හැමෝම බඩ අල්ලන් හිනාඋනා කියලායි ආරංචි. කොහොමින් කොහොමින් හරි මිනිහට අන්තිමට "රෝටා" කියලා සුරතල් නාමයකුත් ලැබුනා ඉතින්.

No comments:

Post a Comment