Thursday 13 October 2011

ප්‍රින්ටර් මොකෝ ස්කෑනර් මොකෝ


ආයුබෝන් කිව්වා ඔන්න. අද කියන්න යන්නෙත් අපේ "රෝටා" ගේ තවත් කතාවක්. රෝටා ගැන දන්නේ නැත්තන් මෙන්න මේ තියෙන්නේ මිනිහාගේ නම හැදුනු කතාව. බලන්නකෝ. ඔන්න දැන් රෝටාව මතකනේ. ඔන්න මෙදාපාර රෝටා ගියා ලයිබ්‍රියට. ඒ කිව්වේ මේ පුස්තකාලෙට. මිනිහා ඉතින් වැඩිය යන එන තැනක් නෙමේනේ ඉතින් ඒක. ඒක නිසා ඒගැන දන්නව එහෙමත් අඩුයි. කොහොම හරි සිද්දිය මේකයි. ඔන්න එදා මමයි, ලකයි (මිනිහා ගැනත් හොද හොද කතා තියේ. ඒවා පසුවට ), මලගල මලයයි, රොටායි ගියා පුස්තකාලෙට. ඉතින් ඔහොම ඉද්දී ලකාට ඕනි උනා "ඩොක්" එකක් ස්කෑන් කොරන්ට. ඉතින් ලකා අපේ රෝටා ට කිව්වා,
ලකා : "මචන්, අර ස්කෑනර් එක පොඩ්ඩක් අල්ල ගනින්. මම ටක් ගාලා එන්නම්" 

මොකද එදා පොඩ්ඩක් බිසී දවසක් නිසා සෑහෙන පිරිසක් පුස්තකාලේ හිටියා. ඉතින් දැන් රෝටාට වැඩේ බාර දුන්න නිසා අපිත් වැඩි කලබයක් නැතුව කරමින් උන්නු වැඩෙත් ඉවර කරලා ආවා ඩොක් එක ස්කෑන් කරගන්න. ඇවිත් බලනකොට ස්කෑනර් එකේ වෙන කට්ටියක් වැඩ. අපි එත් බැලුවා කෝ මේ සැහෙන වෙලාවකට කලින් එවපු හාදයා කෝ කියලා. ටිකක් වට පිට බලද්දී තමයි දැක්කේ මිනිහා. මෙන්න බොලේ රෝටා ඉන්නවා ප්‍රින්ටර් එකක් උඩින් අතක් එහෙම තියාගෙන කාටවත් ප්‍රින්ටරේ ලගටවත් එන්න නොදී බොහොම  උජාරුවට. අපිත් ඉතින් මිනිහා ලගට ගිහින් ඇහුවා
ලකා: "කෝ යකෝ අල්ල ගන්න කිව්ව ස්කෑනර් එක"

එතකොට මූ බොහොම ආඩම්බරෙන් කියාපි,
රෝටා: "ඉතින් ඒකේ සෙනග හිටියානේ. ඉතින් මම මේක අල්ලා ගත්තා මේකෙන් කරමු"කියලා.

ඔන්න ඔහොමයි රෝටා ප්‍රින්ටර් එකෙයි ස්කෑනර් එකෙයි වෙනස දන්නේ නැතිබව එලිවුනේ ආයුබෝවන්ඩ.



2 comments: