Friday 21 October 2011

යුයී යුයී - Yue Yue


     වේලාව පාන්දර 5.30  මුත් නින්දට සිත නොදේ. සිත එක ගාලගෝට්ටියකි. අදහස්, කල්පනා රොත්තකි. හේතුව "යුයී යුයී (yue yue)" ය. ඇය අවුරුදු දෙකක් වයස සිගිත්තියකි. උපත චීනයේය. රාත්‍රීයාමයේ යුයී යුයීගේ කතාව අන්තර්ජාලයෙන් දුටු වෙලේ සිට සිත චංචලය. ඇය අවුරුදු දෙකක් වයස සිගිත්තියකි. උපත චීනයේය. රාත්‍රීයාමයේ යුයී යුයීගේ කතාව අන්තර්ජාලයෙන් දුටු වෙලේ සිට සිත චංචලය. තමන් වෙනුවෙන් සලන කදුලුට වඩා අනුන් වෙනුවෙන් හඩන කදුල වේදනාකාරීය. අද මා සිතද එලෙසම කම්පිතය. යුයි යුයීගේ කතාව  සියල්ලන්ම දන්නවාදයි නොදනිමි. එබැවින් එය කෙටියෙන්හෝ ලිවීම මාගේ යුතුකමයි.

   සිද්ධියට දැන් දින කීපයකි. ඇය තම පියාගේ අවන්හල ඉදිරිපස මාවතේදී වෑන් රථයකට හැප්පෙන්නීය. කණගාටුවට කාරණාව එය පමණක් නොවේය. එහි ඉදිරිපස යුයී හැපුන පසු රථය මදකට නවතන රියදුරු හැපුනේ කුමක්දවත් නොබලා ඇය පසුපස රෝදයෙන්ද යටකරගෙන යන්නට තරම් අමන ජඩයකු වන්නේය. කතාව එතනින් නිමා නොවන්නේය. ඉන් පසුව තවත් මෝටර් රථයක් ඇය මිය අදින බල්ලෙකු තරම්වත් නොසලකා යට කරගෙන යන්නේය. මේ අතරවාරයේ විවිධ පුද්ගලයන් 18ක් ඇය ගැන නොසලකා, ඇය පසුකරමින් පාරේ ගමන් කලහ. ඇතමෙක් ඇය මී කුනක් මෙන් ඇය උඩින් පැන පාරේ ගියහ. ඒ මනෝ චිත්‍රයද වේදනාකාරීය. බිහිසුනුය. ඇගේ මාපියන් හඩාවැලපෙනුද ඉන් පසු මා දුටුවෙමි. පන අදින යුයී යුයී දැක ඉවත බලාගිය 18දෙනාගෙන් කීදෙනෙක් ස්ටීව් ජොබ්ස්ගේ මරණයට මූණුපොතේ දුක සටහන් කරන්නට ඇත්දයි යන්න මාසිතට නැගෙන්නේ ඇයිදයි මම නොදනිමි. දැන් ඇයගේ මොලය අක්‍රීයය. "Brain dead" නම් තත්වයෙන් පෙලෙන ඇයගේ දිවි රැකුනද ඇය ජීවිතකාලටම සිහි නොලබන්නීය. එසේත් නැත්නම් ජීවිතකාලය ඇයට කලහැක්කේ හුස්ම ගැනීම හා හෙලීම පමණකි. වේදනාකාරීම පුවතනම් නීතියට දඩුවම් කලහැක්කේ ඇය යටකල රියදුරන් දෙදෙනාට පමණකි. ඇයගේ ජීවිතය ගැන නොසැලකූ ඉතිරි මනුෂත්වයට නින්දාවක් වූ ජඩයන් 18දෙනාට එරෙහිව නීතියක් නැත. ලිපියේ තවත් මට කියන්නට දෙයක් නැත. මනුෂත්වය ගැන කතන්දර ලිවීම නිෂ්ඵල බව හැගෙන නිසා ඒ ගැන කිසිති නොකියමි. මේ සිද්දිය අදාල වීඩියෝ පටය පහතින් ඇත. 



මියගිය මොලයක් ඇතිව හුස්ම ගැනීම පමණක් ඉතිරි යුයීට ඉක්මන් සුව පැතීම හිස් පැතුමක් පමණක් වේදැයි නොදනිමි. එනමුත් අපට ඒ හැර කලහැක්කක් නැත. මින් මතු කිසිවෙකුට ඔබට වුනුදේ නොවන්නට ප්‍රාර්ථනා කරමි.

ප.ලි.
මෙය අක්‍රීය නීති පද්ධතියක් සහ සමාජ ක්‍රමයක එක් ඉල්පුමක් පමණකි. ලංකාවේද මෙවැනි සිද්ධි නොවුනා නොවෙන බවද සටහන් කල යුතුය.


No comments:

Post a Comment