Sunday 21 August 2011

ඩහම් අයියාගේ ලියුම් කඩදහිය

අද ඉරිදා නිවාඩු දවසේ අමුතුම විදියේ දෙයක් මේ බ්ලොග් රෝලට දාන්නයි සූදානම. අපි කොයි කාට උනත් සමාජ ක්‍රමයට, අධයාපන ක්‍රමය ගැන එතකොට නීතිය ගැන එහෙම විවිධාකාර මත තියෙනවානේ. අද රෝලට දාන්න යන්නේ අපේ මිත්‍රයෙක්ට අන්න ඒ වගේ වර්තමාන මාධය ගැන තියෙන පොඩි මතවාදයක්. මේ ලිපිය මට මේ මිත්‍රයා එවුවේ මීට සති කීපයකට උඩදී මූණුපොතෙන්. ඔන්න ඉල්ලපු විදියටම බ්ලොග් රෝලේ ඉඩකඩ දෙනවා මගේ මිත්‍රයාගේ ඉල්ලීමට. ඔන්න මට ආපු ලිපිය තමයි මේ.



""අපි පොඩි කාලෙ පඳුරකට ගැහුවම පහ හයක් එළියට විසි වෙන තරම් ටීවී චැනල් තිබුණෙ නැහැ. දෙකයි තුනයි තිබුණෙ. ඒ තිබුණ ඒවයිනුත් අපි නිතරම බැලුවෙ ජාතික රූපවාහිනිය තමයි. මතක විදියට ඒ කාලෙ බලන්න නුසුදුසුයි කියල කිසිම වැඩසටහනක් තිබුණෙ නැති තරම්. ඒත් තිබුණු සුළු වැඩසටහන් ගොන්නෙනුත් වැඩිපුරම හිත ගිහිල්ල තිබුණෙ ඔෂින්, දොස්තර හොඳ හිත, හා හා හරි හාවා වගේ වැඩසටහන්වලට. මේ ඔක්කොම අපේ ටයිටස් තොටවත්තයන්ගෙ නෙව. ඔය කාලෙම තමයි විශේෂ අධ්යාපන සේවය කියල එකකුත් රූපවාහිනියෙ පටන් ගත්තෙ. මේකෙත් ගොඩක් බලන්න වටින වැඩසටහන් ප්රචාරය වුණා. ගී හත, මනෝහාරී වගේ සංගීත වැඩසටහනුත් නොවැරදීම බලනවා. ඇයි අපේ හේම නලීන්ගෙ නමයයි පහ?


එත් අද මම අසරණ වෙලා වගේ හිතට දැනෙනවා 
ඔයාගේ ඔය ගල් ලෑල්ලේ ඉඩ තියනවනම් ඔක ගෙනත් ලියල බලන්න..
සදා ආදර
ඩහම් අය්යා""

ඉල්ලුම හා සැපයුම මත මිල තීරණය වෙන සමාජයක අපේ ඩහම් අයියාගේ කන්සෙප්ට් එකේ ප්‍රරෑක්ටිකැලිටි එක ගැන ගොඩක් අය වාද කරාවි.මේ ගැන දීර්ඝ ලිපියක් අපේ ඩහම් අයියාගෙන් හෝ මගේ අතින් ලගදීම බ්ලොග් රෝලේ පලවේවි.

ප.ලි.
මගේ මිත්‍රයෙක් මේ ලගකදී මට කිව්වා මෙන්න මෙහෙම කතාවක්.
"යකෝ උඹේ ස්ලෝගන් එක තිබ්බට බහුතරය සමග සමපාත නොවන දඩබ්බරයාද මොකක්ද කියලා උබ එහෙම දඩබ්බර දෙයක් බ්ලොග් එකේ ලියලා නෑනේ" කියලා

කතාව සම්පූර්ණ ඇත්ත නොවුනත් මම සමාජයට කෙලින්ම ගල් නොගැව්ව එක ඇත්ත. ඒ සමහර විට මමත් ඔය කෑගහන සමාජ ක්‍රමේ තවත් එක චරිතයක් නිසා වෙන්න ඇති. කොහොම උනත් දැන් ඩිරෙක්ට් ටෝක් එකක් දෙන්න කාලේ හරි වගේ හිතෙන නිසා ඔන්න ඊලග බ්ලොග් ලිපිය ලියන්න හිතුවා පොඩ්ඩක් සැර ටොපික් එකක් ගැන. ටොපික් එක තමයි "අදරය සහ ඇමුණුම්". කියනවන්න හොදේ.

Thursday 18 August 2011

සැකර්බර්ගේ මූණුපොත


        ඔන්න අද කාලෙකට පස්සේ බ්ලොග් රෝල පැත්තේ ආවා. පහුගිය දවස් ටිකේ බොහොම රාජකාරි බහුල වෙලා උන්නේ මේ මගේ ශාස්ත්‍රීය නිබන්දනය කොර කොර. කොහොමින් කොහොමින් හරි එකත් අටවලා එවර නිසා ඔන්න ආයෙත් මේ පැත්තේ එන්න පුලුවන් උනා.අද ඉතින් වෙනසකටත් එක්ක කතාවක් නොකිය ඉන්නයි හිතුවේ.අද ටොපික් එක තමයි සෑකර්බ්‍රග් අයියාගේ මූණුපොත. අපි කොයි කවුරුත් දන්න කාටත් නැතුව බැරි  Facebook එක.

       ඉතින් මෙන්න මේකයි සිද්දිය. අපි කොයි කාගෙත් සුන්දර අසුන්දර මතක ගොඩක් තියෙන තැනනේ මූණුපොත. ඉතින් මොනම හේතුවකින් හරි අපිට අපේ මේ මූණුපොතේ ගිණුම අහිමි උනොත් වෙන පාඩුව අසීමිතයිනේ. ඉතින් ඕනි මල ජරාවක බැකප් ගන්න එක ඉතින් කොම්පියුටර් එක්ක ඔට්ටුවෙන අපි කාගෙත් පුරුද්දනේ. ඒ වුනාට හරි හමන් ෆේස්බුක් බැකප් සිස්ටම් එකක් මේ ලගක් වෙනකම් තිබ්බේ නෑ. අපි ඉස්සර නම් කලේ එක්කෝ බ්‍රවුසර් එක්ස්ටෙන්ශන් එකක් දාගෙන බැකප් හදාගන්නවා. ඒකට වැඩියෙන්ම මම නම් ගත්තේ "ArchieveFacebook" සහ "FacePad" තමයි. කොහොම කොහොම උනත් මේව්වා අති සාර්තක ක්‍රම නෙමේනේ. ඉතින් අපේ ගොඩක් පුද්ගලික දේවල් නැතිවෙන පොඩි රිස්ක් එකක් නොතිබ්බා නෙමේ. 

       ඉතින් මේක අපේ මාර්ක් සකර්බර්ග් අයියාටයි එයාගේ ගෝලබාලයන්ටයි තේරිලා. ඉතින් මේගොල්ලෝ මූණුපොතේම අලුත් ෆෑසිලිටි එකක් දීලා තියෙනවා සම්පූර්න බැකප් පාරක් දාගන්න. මේක බීටා වර්සන් එකක් විදියට ඇවිත් දෑන් අවුරුද්දක් විතර වෙනවා. ඉතින් සමහරු මේක දන්නවත් ඇති. ඔන්න නොදන්න අයටත් ඒක කරගන්න ඉස්කීර්න් සොට් ටිකක් පහලින් දානවා ඕන්. කලේ නැත්තම් කරගන්න. හබැයි පුතේ මේක එන්නේ ෆුල් සිප් ෆයිල් එකක් විදියට ඔයාලගේ කොම්පියුටරේට. ඉතින් ඒකෙ පරිස්සම තමන්ගේ අතේ ඔන්න. මොකද ඔයගේ ගිණුමේ ඔයාගේ ප්‍රොෆයිල් ඉන්ෆො , පික්චර්ස්, විඩියෝ වගේ ඔය සේරම දේවල් මේ සිප් ෆයිල් එකේ බොහොම ලස්සන ස්ටැටික් වෙබ් සයිට් එකක් විදියට බලාගන්න පුලුවන්. ඉතින් පරිස්සමින් හොදේ.


මුලින්ම උඩ බාර් ඒකේ තියෙන "Account" කියන ටෑබ් එක කිලික් කරන්ට.



දැන් එකේ පහලින් "Account Settings" කියලා අනු මෙනුවක් එනවා. අන්න ඒක කිලික් කරන්ට.



















දැන් ඔය ඒකේ පහලින් ආව "Download a Copy" කියන ලින්ක් එක කිලික් කරන්න.



දැන් පාස්වර්ඩ් එක ඉල්ලනවා. ඒක දෙන්න.



ඔයාගේ විද්යුත් ලිපිනෙට තහවුරු කිරීම් ලිපියක් එනවා.ඒකේ ලින්ක් එකක් ඒවි. ඒක කිලික් කරාම ඔයාගේ කොපිය රෙඩි කරන්න පටන් ගනීවි. දත්ත සේරම ගොනු කලාට පස්සේ ඔයාට ඊමේල් එකක් ඒවි ඒක බාගන්න.

ඊට පස්සේ ඉතින් ලැජ්ජා වෙන්න එපා. ගිහින් බාගන්ට. ලංකාවේ නෙට් ස්පීඩ් එකත් එක්කනම් වැඩේට ටිකක් කල් යාවි. හෑබැයි පාඩුනෑ ඉතින්.


ඔන්න අර මම කලින් කිව්ව ඇඩ් ඕන් වලින් වැඩේ කරන්න ආසානම් ඒවගේ නම් තමයි "ArchieveFacebook" සහ "FacePad". බාගන්ට. තවත් බොහොම අගේ ඇති ටූල් එකක් තමයි "backupify". ඒක කලවුඩ් බේස් සිස්ටම් එකක්. ඒක 2ජීබී වෙනකම් ෆීරී. ඒකත් ට්‍රයි කරලා බලන්ට.







Friday 12 August 2011

පිටරට


අනේ මේ මට
තියන පන්ඩිත කමට
ආවා පිටරට
අනේ මොකටද මගේ කට

කෙල්ලෝ නම් ගොඩය
බලන්නේ උන් නෝන්ඩියටය
අපේ පාට හරිනැතිය
කියා උන් අහක බලතිය

නමුත් ඉද හිට උනුත් සෙට් වෙති
අනේ කිසි පල නැති
උන් කන පැලෙන්නට බොති
එහෙම කෙල්ලෝ වේද පෙම්වති

පොඩී එවුන් වසය
වල් බූරු නිදහසය
බලන්ටත් බයය
ගෑහුවත් කරබෑ යුතුය

ඉහලට එගෙනගෙන ඇත
එයින් කිසි පල නැත
රස්සාවල් එමට ඇත
එකක්වත් මට නැත

මවුපියන් හැරදාලා
පෙම්වතිය සිත් බිදලා
ලොකු ටෝක්ස් දීලා
ආපු මට මදි මෙහෙම වීලා

දැන් හිතලා නෑ පලක්
දුක් වෙලා නෑ වැඩක්
දාලා පොඩි ජොලියක්
ගමුකෝ පොඩි ආතල් එකක්

Thursday 11 August 2011

මම මෙහේ එකෙක් නෙමෙයි බන්

මේ ඉතින් රාමදාන් කාලේ නේ. ඉතින් අපේ රටේ වගේම මේ රටේ ඉන්න ඉස්ලාම් මිත්‍රයන්ගේ උපවාස කාලේනේ. ඔය "නෝම්බි අල්ලනවා" කියන්නේ ඕන්න ඕකටනේ. හැබෑයි අපේ ලංකාවේ මුස්ලිම් මිත්‍රයන්ට වගේ මෙහේ මුස්ලිම් මිත්‍රයන්ට නෝම්බි අල්ලන එක ලේසි නෑ. මොකද ලංකාවේ නම් උදේ 6ට ඉර පායලා හවස 6ට ඉර බහිනවානේ. ඉතින් මෙහේ ඉර බහින්නේ මේ දවස් වල රෑ 9ට විතරනේ. ඉතින් උපවාස වෙලාව පොඩ්ඩක් වෙනස් වෙනවා.අද ඔන්න උදේ 4 ඉදන් රෑ 8.30 වෙනකම් ලු. ලෙසි නෑනේ.කවුරුත් දන්නවානේ රාමදාන් වලට හද කියන්නේ ඉතාම වෑදගත් අංගයක් නේ. ඉතින් රාමදාන් ගැන ලියන්න නෙමේ හදන්නේ. ඔය රාමදාන් හද ගැන කියද්දී අපේ තවත් මිත්‍රයෝ දෙන්නෙක්ගේ අපූරු කතාවක් මතක් උනා. මේකේ ඈත්ත නෑත්ත නම් මම දන්නේ නෑ. ඒවුනාට සිද්දිය වුනා කියන්නේ මෙහෙමයි.

මේක උනේ මීට අවුරුදු 2කට විතර කලින්. එදා අපේ මිත්‍රයෙක්ගේ ගෙදර අවමගුලක්. ඉතින් විස්තරේ ආරංචි උන ගමන් මම, තෙලා, කෑවුමා, ඩොනා සහ තවත් මිත්‍රයෝ කිහිපදෙනෙක්ම ඉක්මන්ම අපේ මිතුරාගේ ගෙදර ගියා. ඔන්න ඉතින් අපේ මිත්‍රයාගේ ගෙදර තිබ්බේ බණ්ඩාරවෙල.අපි උදෙන්ම පිටත් උනු නිසා හවස් වෙද්දී එහෙට යන්න පුලුවන් උනා. ඉතින් අපිත් ගිහින් ඔන්න එතන උයන්න, කොඩිවෑල් අදින්න ඔය වගේ අපිට පුලුවන් හෑම වෑඩේටම සප්පොර්ට් දුන්නා. ඉතින් අපේ හෑම යාලුවන්ටම අපි එක්ක එන්න ලෑබුනේ නෑ. මොකද අපි ඉතින් හදිස්සියේමනේ ආවේ. ඔන්න එහෙම පරක්කුවුනු අපේ යාලුවෝ 3දෙනෙක් එදා රෑම බණ්ඩාරවෙල එන්න පිටත් උනා කොටුව ස්ටෙෂමෙන්. 3දෙනා ඉතින් ගොඩක් දුර එන්නත් ඕනි නිසා උනුවතුර බෝතල් එහෙමත් අරගෙනයි ඇවිත් තිබ්බේ. ඉතින් ඔහොම උනුවතුර බෝතල් වලින් සප්පායම් වෙද්දී හමන සුලග නිසාද කොහෙද අපේ එක මිත්‍රයෙක්ට නින්ද ගියාලු. ඉතින් දන්නවානේ එකෙක් වෑටුනා කියලා අපේ කොල්ලෝ උනුවතුර බෝතල් අතාරින්නේ නෑතිවග. ඉතින් ඉතුරු දෙන්නා උනුවතුර බොමින් අවට සිරි නරඹමින් ආවාලු. ඔන්න දෑන් කොහොමහරි ගමනාත්තයටත් කිට්ටුවෙද්දී අපේ එක මිත්‍රයෙක් දැක්කාලු අහසේ විසාල එලියක්. ඉතින් ඒවගේ දෙයක් දෑක්කාම කාටත් හරි කුතුහලේනේ මෙයා. ඉතින් අපේ මිත්‍රයත් ලගපාත හිටිය අර අනිත් මිත්‍රයාගෙන් ඈහෑව්වාලු.
ජී. කෝසේ : මචන්.. අර මොකක්ද බන්?
ඉතින් අපේ අනිත් මිත්‍රයත් ඒ එලිය දිහා හොදට බලලා මෙහෙම කිව්වාලු
ටෝමියා : අනේ මන්දා බන්. සුවර් නෑ. මම මෙහේ එකෙක් නෙමෙයි බන්.මෙහේ එකේගෙන් පස්සේ අහලා බලමු
ඉතින් දෙන්නා දෑක්කේ හද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඔය කතාවේ ඈත්ත නෑත්ත නම් මම දන්නේ නෑ.හෑබෑයි ඔය කතාව අපිට රෑ එලිවෙනකම් "බයිට්" එකට මාතෘකාවක් උන බව නම් මතකයි.

ප.ලි.
අපි අතර කෝසේ ලා කිහිප දෙනෙක් වූ අතර ඉහත සදහන් වූ ජී. කෝසේ වර්තමාන සිස්ස සංගම් සභාපති එදිරිතුමාට කිසිසේත් සම්බන්ද නෑති බව තරයේ ප්‍රකාශ කරමි ;)



Wednesday 10 August 2011

Take Care... බුදු සරණයි...!!!




මේ දවස් වල එංගලන්තේ නිකන් අසූව දශකේ ලංකාව වගේ. ගෙවල් වාහන කුඩුකරලා. දේපල ගිනිතියලා. මේවා දැකලා මෙහෙ ඉන්න සුද්දෝ වගේම අනිත් රටවලින් ආපු කොල්ලෝ කෙල්ලොත් බය වෙලා. අපෙන් අහනවා අපි බය නැද්ද කියලා. ඉතින් අපිට ඔව්වට බය හිතේද අපේ රටේ උනු දේවල් එක්ක. මේවා කියන්නේ හෙන සීරියස් ටෝක් එකක් දෙන්න නෙමේ.මෙහෙම සුද්දෝ අපෙන් බය හිතෙන්නේ නැද්ද මේවාගේ වයලන්ස් දැක්කාම කිව්වාම මටත් තව අපේ අපූරු මිත්‍රයෙක්ගේ වික්‍රමයක් මතක් උනා. ඔන්න ඒක කියන්නයි සූදානම.


මේ සිද්දිය උනේ මීට අවුරුදු 2 1/2 කට විතර කලින්. ඔන්න එදාත් සුපුරුදු පරිදි මමත් කැම්පස් ගියා ලෙක්චර් එකට ඔලුව දාන්න කියලා හිතාගෙන. මෙන්න යනකොට වෙනදා වගේ නෙමේ කැම්පස් එක පොඩ්ඩක් කලබලකාරී වගේ. මමත් ඉතින් ඔය කාලේ අපේ සිස්ස සංගමේ ලේකම්. ඉතින් ඕනි ජල්බරියකට ඔලුව දාන එක පුරුද්දක් වෙලා තිබ්බා. ඉතින් මමත් ගියා වැඩේ මොකක්ද බලන්න. සිද්දිය වෙලා තිබ්බේ අපේ දෙවෙනි වසර මල්ලිලා ටිකකුයි 3වන වසරේ ( ඒ කිව්වේ ඒ කාලේ මගේ බෑජියෝ) කොල්ලෝ ටිකකුයි. දන්නවනේ ඉතින් ඒ කාලේ ගහමරා ගන්න ලොකු හේතු ඕනි නෑනේ.මේකටත් හේතුව ඔය වගේ පොඩි සිද්දියක්. කොහොමහරි දෙපාර්ශවය සන්සිදුවලා වැඩේ සමතය උනා. හෑබෑයි පොඩි උන් දිවුර දිවුරා ගියා "උබලාට දෙනවා බලාගනින් කියලා". කොහොම හරි වැඩේ දෑනට ශේප් වගේ නිසා මමත් මගේ ලෙක්චර් එකට යන්න ගියා. හෑබෑයි මට තෙරුනා මම නෑති වෙලාවක් දෙගොල්ලෝ සෙට් උනොත් වැඩේ වරදින බව. ඕක නිසා මම මගේ මිත්‍රයා ඒ කිව්වේ මේ කතාවේ කතා නායකයාට කිව්වා
 "මම එනකම් කොල්ලෝ ටික බලාගනින්. මොනාහරි ගොන් වෑඩක් කරන්න හෑදුවොත් මට මෑසේජ් එකක්       දාප්න් මම එන්නම්. ගහගන්න දෙන්න එපා" කියලා.
ඉතින් ඔන්න මෑන්සුත් වැඩේ බාරගත්තා. මමත් ඉතින් ලෙක්චර් එකට ගියා. ගිහින් විනාඩි 15 ගියේ නෑ මට ආවා මෙසේජ් එකක්. මෙසේ එක මෙහෙමයි.

"රඛි අය්යේ අපි අරුන්ට ගෑහුවා. එකෙක්ට අමාරුයි. ටේක් කෙයාර්. බුදු සරණයි".
 -ලසා
පස්සේ බලද්දි මේ ගහපු එවුන්ගේ ඉදිරියෙන්ම ඉදලා තියෙන්නේත් මේ හාදයාමයි.
ඉතින් කොල්ලොගේ ඔලු පලලා ඉවර වෙලා බුදු සරණයි කියන කොල්ලෝ හිටපු රටේ අපිට මේ සුද්දෝ පාරේ පොඩ්ඩක් දෑගලුවාට පාන්ද ආයුබෝවන්ඩ

Monday 8 August 2011

අපි නොදන්න ඇබකස්...

ආයුබෝන් ඔන්න. අදත් අපේ එක්ක හිටපු යාලුවෙක්ගේ ගැන කතාවක් ලියන්න හිතුනා. මේක ගොඩක් කාල් ඉදන් ලියන්න හිටියත් වෙලාවක් ලැබුනේ නෑ. අද උදේම නැගිට්ටේ ඒ සත්ක්‍රියාවත් කරන දෑඩි අදිශ්ටානෙන්.ඔන්න

මේක සිද්ද උනේ මීට අවුරුදු 4ක විතර කලින්. අපි ඉතින් ඔන්න ඒ දවස් වල අපි පලමු වසර උපාධි සිසුවෝ. ඔන්න ඉතින් ඉගෙන ගන්න හදන්නේ කොම්පියුටර් ගෑන එහෙම. ඔහොම ඉතින් කාලේ ගෙවිලා ගිහින් ඔන්න අපේ විභාග සමයත් ආවා.

ඉතින් අපේ අතරත් ගොඩක් ප්‍රසිද්ද කොන්සෙප්ට් එකක් වෙලා තිබ්බා "කුප්පි" සංස්කෘතිය. කුප්පිය කියන්නේ ඉතින් විෂය කරුණු දන්න බෑජියෙක් අනිත් බෑජියන්ට උගන්නන එකටනේ. ඉතින් අපි අතරෙත් ඔය වෑඩේ නොඅඩුව තිබ්බා. විභාග කාලෙට ඉතින් මේ කුප්පි කෙරෙනවා දින ගනන් එක දිගට. මොකද ඉතින් මාස ගානක දේවල් ඔක්කොම කියා දෙන්න ඕනිනේ.

මේ සිද්දිය උනෙත් ඔන්න ඔය වගේ කුප්පියක තමයි. එදා කුප්පියේ විෂය උනේ "CF" කියලා කෙටියෙන් හදුන්වපු පරිගණක මූලධර්ම කියලා විෂයක්. ඔන්න ඉතින් ඉදා කුප්පිය කලේ මම. කුප්පිය පටන් ගත්තේ ඔන්න පරිගණක වල ඉතිහාසයෙන්.

මම: "ඔන්න මචන්ලා. කොම්පියුටර් හිස්ටරි එක ගෑන තමයි මුලින්ම තියෙන්නේ. කොම්පියුටර් හිස්ටරි එක ගත්තාම මේක ස්ටර්ට් වෙන්නේ ඇබකස් එක හොයාගත්ත කාලේ ඉදනුයි. ඒ ඇබකස් එකේ ඉදන් ඊට පස්සේ මේන් ෆරේම්ස්, සුපර් කොම්පියුටර් ඉදන් අද මේ අපි යූස් කරන ඩෙස්ක්ටොප් පීසී ඒවගේම ලෑප්ටොප් වෙනකම් ඉස්සරාහට ඈවිත් තියනවා"


මම ඉතින් ඒවා කිව්වේ ඒවා විභාගයට වෑදගත් නිසා නෙවෙයි. අර ඉතින් පාඩමට මූලාරම්භයක් ගන්න. ඉතින් කවුරුත් මේක අහලා සටහන් එහෙම ලියාවි කියලා මම හිත්වේ නෑ. ඔන්න එතකොට තමයි මේ කතාවේ කතා නායකයා එලි බහින්නේ.මිනිහාට කවුරුත් ආදරේට කිව්වේ ඇග දාස කියලා. ඒකට හේතුව තමයි ජිම් එහෙම ගිහින් හදා ගත්ත මහ විසාල සරීර කූඩුවක් මිනිහා සතුවීම. හෑබෑයි විසාල සරීරයක් තිබුනාට ඊට ගෑලපෙන මොලයක් නෑ කියනා එක මිනිහාට කවුරුත් කරපු විහිලුවක්.
ඉතින් කොහොම හරි ඉතින් ඈග දාසත් මේ මම කියපු එක අහගෙන ඉදන් තම්න්ගේ නෝට් පොතේ මොනවාද ලියාගෙන බොහොම බෑරෑරුම් දෙයක් තේරුම් ගත්තා වගේ හිස වෑනුවා. මේක දෑක්ක ගමන් මට තේරුනා මිනිහාට මුකුත් තේරිලා නෑති වග. 
ඉතින් මම මගේ කතාව නවත්තලා,

මම: "දෑන් ඉතින් උබ ඔය ඔලුව වෑනුවේ තේරිලාද? අඩුගානේ දන්නවාද ඈබකස් එක කියන්නේ මොකක්ද කියලාවත්?"

මේක අහපු ඈග දාසට බොහෝම කේන්ති ගියා.

ඈග දාස: " එතකොට මම දන්නේ නෑ. ඔන්න ඕකනේ බන් උබලා අපිව අන්ඩ් එස්ටිමේට කරනවානේ. හහ්හ් ..."

ඉතින් මෙතන තව ගොඩක් මිත්‍රයෝ හිටියා. ඔය අතරින් එකෙක් තමයි ජිල් බුවා.මිනිහත් හරි කටකාර මෑන්ස්. ඉතින් මේක අහන් හිටපු ජිලා කියපි.

ජිලා: "අහ්... එහෙමද? එහෙනම් කියාපිය බලන්ට ඈබකස් එක කියන්නේ මොකක්ද කියලා."
මේක අහපු ඈග දාස බොහොම තරහ ගත්තා. කමිස අත් දෙක එහෙම පොඩ්ඩක් උස්සලා (එහෙම කරන්නේ අර ජිම් ගිහින් හදාගත්ත මස් පරුවතේ පෙන්නන්ට ),

ඇග දාස:"  අපි නොදන්න ඇබකස්.‍යකෝ ඇබකස් එක කියන්නේ අර කාමරයක් විතර විසාසාසාසාල එකටනේ."

ඈග දාස හිතුවේ ඈබකස් කියලා මේකටයි.


මෙන්න ඈත්ත ඈබක්ස් එක


මේක අහපු හෑමෝටම හිනා ඉහ වහා ගියා. මොකද ඈබක්ස් එක කියන්නේ ගණක රාමුවටනේ. ඇග දාස හිතන් ඉදලා තියෙන්නේ ඈබක්ස් එක කියන්නේ මුල් කාලේ හදපු අර විසාල කොම්පියුටර් ජාතියක් කියලා.

අද උනත් මිනිහා මොනවා හරි ගෑන විස්තර කරද්දී "ඕකත් අර ඇබකස් එක වගේද" කියලා ඈහුවොත් සින්හල බාසාවේ රසබර වචන වලින් අමතනවා සත්තයි.

මේ ලිපිය අවසාන කරන්න මීට වඩා හොද කියමනක් නෑ කියලයි මට හිතෙන්නේ.
"Better to keep your mouth shut and be thought of a fool than to open it and remove all doubts."

Saturday 6 August 2011

එහෙනම් මේ ගාල්ලේ කොටු බෑම්ම කොහෙන්ද මෙතනට ආවේ?

අද ඉතින් සෙනසුරාදා නිවාඩු දවසනේ. ඊටත් එහා ඉතින් අද කිරිකට් මැච් එකකුත් තියෙනවානේ. ඉතින් කොයි කවුරුත් දන්නවානේ මම ඉතින් ටිකක් කිරිකට් මැච් පිස්සානේ. ඉතින් අදත් ඔය මැච් එක බලන්ටයි ලෑස්තිය. මේ කාත් කවුරුවත් නැති රටේ ඉතින් නිවාඩු දාට වෙන මොනවා කරන්නද නේද? කොහොමහරි ඉතින් තව මැච් එක පටන් ගන්න පැය 2-3ක් තියෙනවානේ. ඉතින් මෙහෙම ඉන්නකොට මට මතක් උනා මීට අවුරුදු 4 1/2 කට කලින් වෙච්චි සිද්දියක්. හරියටම කියනවානම් 2007 අප්‍රේල් මාසේ. ඉතින් ඒක නොකියාම බෑරි නිසා ලියන්ට ඔනි කියල හිතුවා. මේ කතාවේ ප්‍රධාන නලුවා අපේ හොද මිත්‍රයෙක්. මිනිහට කවුරුත් ආදරේට වගේ කිව්වේ දිගා කියලා. හේතුව ඉතින් තේරෙනවානෙ. සිද්දිය උනේ අපේ සබා කියලා තවත් යාලුවෙක්ගේ බොඩිමක.

මම කිව්වත් වගේ ඉතින් 2007 අප්‍රේල් මාසේ දවසක ඔන්න අපි සෙට් එකම (මමයි, දිගයි, සබයි, කොටයි, පතෝල කාංචනයි, අසහන චමියයි, දුමියයි, ටාසනුයි) ඉතින් මැච් එක බලන්න බෝඩිමට සෙට් උනා. ඔතන ඉතින් සබයි, කොටයි, දිගාටයි ඉතින් අර නවත්තගන්න බැරි ජාතියේ තිබහක් ආවා. ඉතින් කවුරුත් දන්නවානේ එහෙම තිබහක් ආවාම බොන්නේ මොනවාද කියලා. ඔන්න ඉතින් කොහොම හරි 3දෙනා (සබයි, කොටයි, දිගයී_ තිබහට කෝක් බොන අතරෙ අපිත් එක්ක මට්ච් එක බලනවා.

2007 අප්‍රේල් කියන්නේ ඉතින් ඒ දවස් වල ලෝක කුසලානේ මෑච් තම්යි මේ අපි බලන්ට සෙට් උනේ. කවුරුත් දන්නවානේ ඉතින් ඒ මෑච් තිබ්බේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල නේ. අර ලසිත් මාලින්ග පන්දු 4ට විකට් හතරක් ගත්තේ මේ තරගාවලියෙම දකුණු අප්‍රිකාව එක්ක තරගේදීනේ.. දැන් මතකනේ තරගාවලිය මොකක්ද කියලා.

ඉතින් මේ තරගේ ඉතින් අපියි ඔස්ට්‍රේලියාවයි අතර සුපිරි අට වටේ තරගයක්. දැන් ඉතින් ඔස්ට්‍රේලියාව ඉතින් මුලින් පන්දුවට පහර දුන්නා. ලකුනුත් ටිකක් ගෑහුවා කියමුකෝ. ඔන්න දැන් අපේ යාලුවෝ 3දෙනාට පොඩ්ඩක් අර පෑනි බීම ගොඩක් බිව්වාම අර එක පාරට වැඩි වෙන ජාතිආලේ එහෙමත් උපරිම වෙලා තිබ්බේ.

පැනි බීමත් එහෙම ඉවර වෙලා තිබ්බ නිසා ඉතින් අර ඔද වඩා ගත්ත ජාති ආලෙත් එක්ක දෑන් තුන් කට්ටුවත් අපි එක්ක හරි හරියට වාඩි උනා අපේ අයියිලා ගහනවා බලන්ට. 3දෙනාගෙන් ඉතින් ජාති ආලේ වෑඩිම වෙලා තිබ්බේ අපේ දිගාට. ඉතින් ඔන්න අපේ අයියිලාත් ඔන්න බැට් කරන්න ගත්තා. දන්නවානේ ඉතින් ඒ දවස් වල කවුරුත් කියන කතාවක්නේ සනා ගෑහුවොත් මෑච් එක දිනුම් කියලා.(පස්සේ කාලෙක මෑන්ව දුම්මල ගහලා පන්නන්න උන එක ඉතින් වෙනම කතාවක්). මේක තදින්ම විස්වාස කරපු පොරක් තමා අපේ දිගා. ඉතින් මිනිහා සනා ගැන වර්ණ්නා කර කර විසිල් පාරවල් එහෙමත් ගගහා හෙන ඉම්මෝශනල් වෙලා මෑච් එක බලනවා ඔන්න. ඒත් ඉතින් ඔන්න ඔවර් එකක් දෙකක් යද්දී සනා අවුට් උනා. මෙන්න ඉතින් ඒපාර දිගාට හෙනටම අවුල් ගිහින් කෑගහ ගහ ඔලුව හප්පා ගන්න ගත්තා. ඊට පස්සේ මිනිහා කියාපි " යකෝ සනා නෑතුව දිනන්න බෑ දෑන් ඉතින් ඉවරයි " කියල. අපි හෑමෝගෙම පිනකට වගේ ඔන්න සබාගේ පෑනි බීම ටිකේ වෑඩ එලියට එන්න ගත්තා. ඉතින් සබා කියාපි "නෑ නෑ එහෙම කියන එක වැරදි තව 10 ක් ඉන්නවානේ. උන් ගහයි" කියලා. ඉතින් දෙන්නම එහෙම බලාපොරොත්තු පොදි බෑදන් ඉතින් අපේ අනිත් අයියිලා ගහයි කියලා බලන් ඉන්නවා ඔන්න.


මේ අතර දෙන්නා ලංකාවේ මෝසම් සුලං ගෑන එහෙමත් කතා කරමින් එවායෙන් මේ තරගෙට බාධා ඒවිද දන්නේ නෑ වගේ අනාවෑකි එහෙමත් කියන්න ගත්තා. අපිට අර කියනවා වගේ "චේන් එක පොඩ්ඩක් පෑන්නා". මොකද ඉතින් මේ මෑච් එක තිබ්බේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල නේ. ඉතින් අපේ රටේ මොසම් සුලං බලපාන්නේ කොහොමද කියලා. කොහොම උනත් අපිත් මෑච් එකේ සිහියෙන් හිටි නිසා ඒක වෑඩිය හිතුවේ නෑ.
කොහොම හරි ඔන්න දෑන් අපේ අයියිලා විකට් බර ගානක් වෑටිලා පරදින්න ඔන්න මෙන්න හිටියේ. මෙන්න එතකොටම දිගා කියාපි.
"සබා අපි යමන් ගාල්ලට, ගිහින් කියමු මුන්ට දෙකක් කියලා"
ඔන්න එතකොට අපේ චෙන් එක එලියටම පෑන්නා.එතින් බලා ඉන්න බෑරිම තෑන මම අහුවා " ඇයි බන් දිගා ගාලු යන්න ඔනි ?" කියලා.
එතකොට දිගා කියපි,
"ඈයි බන් මේ මුන්ට ක්‍රිකට් ගහන විදියට දෙකක් කියන්ට. මුන් හොර පප්පලානේ" කියලා.
ඔන්න එතකොට තමයි අපිට වෑඩේ තේරුනේ. දෙන්නා හිතන් ඉදලා තියෙන්නේ මෑච් එක ගහන්නේ ගාල්ලේ කියලා. මම ඉතින් කිව්වා " අනේ බන් ගොනෝ , මෑචි එක තියෙන්නෙ වෙස්ට් ඉන්ඩීස්  වල" කියල.
මේක අහපු දිගා කියපි " බොරු නොකිය ඉදපන් බන්. එහෙනම් අර ගාලු කොටුව කොහොමද තියෙන්නේ " කියලා.
මේක අහපු අපේ චේන් කුඩුම උනා. අපි අහුව ඉතින් "කෝ පෙන්නපන් කියලා"
දිගා ඔන්න ටික වෙලාවක් මෑච් එක බලන් ඉදන් ඔන්න ඒ රටේ ග්‍රවුන්ඩ් එක වටේ තියන කෙටි තාප්පේ පෙන්නලා හරි උජාරුවට ඈහුවා,
"එහෙනම් මේ ගාල්ලේ කොටු බෑම්ම කොහෙන්ද මෙතනට ආවේ" කියලා.
ඉතින් ඊට පස්සේ අපෙන් හිනා විසර්ජනය උනේ අපිටත් නොදෑනීමයි.
කොහොමහරි දෙන්නා යන්න ගාලු යන්න සූදානම් වෙද්දී අර බිපු පෑනි බීම වලට පින් සිද්ද වෙන්න නින්ද ගිහින් තිබ්බා.

කොහොම හරි ඉතින් දෑන් මේ යාලුවෝ දෙන්නම ඉන්නේ නම් ඔස්ට්‍රේලියාවේ. හෑබෑයි සුද්දන්ට දෙකක් කිව්වාද නම් මම දන්නේ නෑ.

ප.ලි.
ඔන්න සභා උඹ ගෑන පරණ විස්තර ලියන්න කිව්වානේ. ඕන් ලිව්වා.

"අ" යන්න කියන්න (බාල කාලේ වැඩ කිඩ II )

මේ ඉතින් උදේ පාන්දරම කොම්පියුටරේ ලගින් වාඩි උනේ අපේ ඈබකස්ගේ පුරාවස්තුව ලියන්නයි. ඒ වුනාට මේ සිංහල අකුරු දැක්කාම මම අකුරු කියවපු කතාව ලියන්න ඔනා කියලා හිතුනා. ඔන්න කතාව මේකයි.

ඔන්න ඉතින් මේකත් මම ඔය පොඩි පැංචා කාලේ වෙච්ච හුටපටයක්. ඔන්න එදා මට අකුරු කියවන නැකතලු. ඔව්වා එතින් හැමදේම එතින් අම්මලා කරන්නේ නැකතටනේ. එතින් කොහොමහරි එදා මට අකුරු කියවන්න ඇවිත් උන්නේ මගේ අත්තම්මාලු.

එතින් කොහොම කොහොම හරි අකුරු කියවන නැකතත් දැන් උදා උනාලු. අනේ එතින් අපේ අත්තම්මාත් එතින් හෝඩි පොතත් අරන්, අනේ මගේ ලගින් ඉදන් ඔන්න අකුරු කියවන්නලු සූදානම.

හෝඩි පොතේ ඉතින් මුලින්ම තියෙන්නේ ඉතින් "අ" යන්න "ඹ" යන්න "අඹ" කියලානේ. ඔන්න ඉතින් අත්තම්මාත් ඉතින් මට අකුරු කියවන්ට හිතාගෙන ඔන් හෝඩි පොත පෙරලලා "අඹ" කියලා තියන පිටුව පෙන්නලා කිව්වාලු
 " පුතේ ඔන්න මම එක්ක කියන්න "අ" යන්න කියලා".

 එත් ඉතින් කොල්ලාගේ නෑලු කිසි සද්දයක්. මෙහෙම් කීප පාරක්ම උනාලු. දැන් ඉතින් නැකැත් වෙලාවත් ටික ටික ගෙවිගෙන යනවාලු. ඉතින් බැරිම තැන මගේ අම්මා ලගින් වාඩි වෙලා
" මගේ පුතේ මේ තියෙන්නේ "අ" යන්න " කියලා කිව්වාලු.

ඔන්න එතින් ඒපාර කොලුවා බැලුවාලු අම්මා දිහා. ඊට පස්සේ කිවවාලු.
" අම්මේ මේ තියෙන්නේ "අ" යන්න නෙමෙයි" කියලා

ඔන්න ඒක අහපු ඔක්කොම තුශ්නිම්බූත උනාලු. එතින් අම්මා කිව්වාලු " එහෙනම් මොකක්ද ?" කියලා.

ඊට පස්සේ කොල්ලා ලොකු හිනාවක් එහෙම දාලා කිව්වාලු.
"මේ තියෙන්නේ "අ" යන්නයි "ඹ" යන්නයි අඹ"

සිනා සාගරයක් මැද මම හාහා පුරා කියලා අකුරු කලේ එහෙමයි.

බැලු බැල්මට හිනා ගියාට එදා ඒ පොඩි කොලුවා කලේ අපේ බුදු හාමුදුරුවෝ කියලා තියන අනුශාසනාවක්.
ඒ තමයි,

"කිසිම කරුණක් වැඩිහිටියෙක් ගුරුවරයෙක් කිව් නිසා, පෙලපතින් පැවත එන නිසා, පොත් පත් වල සදහන් නිසා විශ්වාස නොකරන්න. තමන්ගේ බුද්ධියට අවනත වේ නම් පමණ්ක් විශ්වාස කරන්න."
(හරියටම මතක නැති උනත් මෙය ඊට සෑහෙන දුර සාමනයි. වැරදි ඇතොත් කරුනාකර නිවැරදි කරන්න.)

කොහොම මේ අපි දැන් ඉගෙන් ගන්නා දේවල් අර පොඩි කොලුවා කාලේ වගේ ඉගෙන ගන්නවාද ? නුවනින් ප්‍රශ්ණ කරනවාද ? කියන එක තමයි සැක.

Friday 5 August 2011

බාල කාලේ වැඩ කිඩ I

ඔන්න එතින් හා හා පුරා කියල මගේ පලවෙනි කිව්ව නොකිව්ව කතාව දිගාරින්නයි සූදානම... ආගිය කතා... මිත්තරයංගේ කතා ගොඩාක්‌ තිබ්බට නමෝවිත්තියෙන් කියන්න ඕනි කතාව මේකයි කියලයි මට හිතෙන්නේ.. ඔන්න සිද්දිය මේකයි..

මේ සිද්දිය උනේ මීට අවුරුදු බරගානකට කලින්... මම එතකොට ඉතින් පුංචි හාදයා ( පුංචි කිව්වෙ ඉතින් වයස ඔන්න, ඒකලෙත් බෝලේ වගේ තමයි).. යන්තම් අවුරුදු හතරයි හරි පහයි හරි වයස ..

එතින් මමත් ඔන්න ඒ දවස්‌ වල ඉතින් මොන්ටිසෝරි යන කලේ එතින්.. මම එතින් ගියේ ගෙදරින් ටිකක්‌ දුර බැහර මොන්ටිසෝරියක්‌ට.. මොකද අපේ ගෙදර උදවියට අදහසක්‌ තිබ්බා මොන්ටිසෝරි යවනවානම් එකතමා එක කියල.. හරියට නිකන් ඉස්‌කෝලේ යවනවානම් එතින් අහවල් ඉස්‌කෝලේට යවන්න ඕනි  වගේ තමා... වරදක්‌ කියන්නත් බෑ එතින්.. කොයි දෙමව්පියත් දරුවන්ට හොදම දේ කරන්නනේ උත්සාහේ...

එතින් කෝම කෝම හරි ඔන්න දවසක්‌ සුපුරුදු විදියට හවස්‌ වරුවේ මගේ පියා අවාලු මාව ගෙදර අරන් යන්න. එනකොට ඔන්න මගේ පෙරපාසල් ගුරුවරී හොදටම අඩනවාලු..එතින් මගේ පියා අහුවලු ඇයි අඩන්නේ  කියලා.. මොකද ගුරුවරියක්‌ පන්ති කාමරේ අඩන එක ටිකක්‌ අස්‌වාබාවිකයිනේ... එතින් ගුරුවරී කිව්වාලු මට මිස්‌ටර්ගේ පුතා ඩෙස්‌ක්‌ එකට නැගලා පයින් ගහැව්වා කියලා..

මගේ පියත් මොහොතක්‌ තක්‌බිර් උනාලු. ඊට පස්‌සේ මගේ දිහා හැරිලා අහුවලු මේ කියන්නේ ඇත්තද කියලා? කොල්ලා ගත් කටටම කිව්වාලු ඔව් තාත්තේ ඇත්ත කියලා..

දන්නවා උනත් කොලුවා නහරකාරයා කියලා තාත්තා ඇහුවාලු එතින් ඇයි පුතේ එහෙම කලේ දන්නවා නේද එක වැරදියි කියලා ..
එතින් මම කිව්වාලු එතින් මම ගැහව්වේ මම කලේ නැති දෙයක්‌ කලා කියලා හැමෝම ඉස්‌සරහා බැන්න නිසාලු.. මම කිව්වදේ අහුවේවත් පිලිගත්තේවත් නැති නිසාලු...

ඔන්න ඔහොමයි කතාව වුනා කියන්නේ... මට ඉතින් සහසුද්දෙට මතක නෑ එතින්.. මගේ පියා කතාව කියන්නේ එහෙමයි.. ඊට පස්‌සේ එතින් මා ලවා ගුරුතුමීට වැදලා සමාව එහෙම අරගෙන ගෙදර එක්‌කන් ආවාලු.. හැබැයි තරවටු කලේ නැහැලු...

දැන් ඒගැන හිත්ත්දී හරිම පුදුම හිතෙනවා.. පුංචි හිත කොච්චර එඩිතරද කියලා.. අසාධාරනේට නැගීහිටින්න තරම්  ...

අද අපිට කොච්චර අසාධාරණකම් සිද්ද වෙනවාද? මෙච්චර උගත්තු ඉදිදී ඇදුනුම් කම් වලට පගාවට රස්‌සාවල් මහ දවාලේ විකිනෙනවාද? මනුස්‌සකම ,අපේකම එහෙම සල්ලි ඉස්‌සරහා, බලපුලුවන් කාරකම ඉස්‌සරහා දනගහද්දී අපි නිකන් රූකද නේද කියලත් වෙලාවකට මට හිතෙනවා...

මේවා දැක දැක අපිත් නිකන් ඉන්නවා මිසක්‌ ඒ පෙරපාසල් දරුවා කාලේ තිබ්බ එඩිතර කම අපේ ලග දැන් නෑනේද කියලා හිතද්දි පොඩි දුකකුත් දැනෙනවා ඉතින්..

ඇරඹුම...

ආයුබෝ වේවා හැමෝටම....

මමත් ඉතින් ඉස්‌සර ඉදලා එක එක බ්ලොග් කියවනවා ඉතින් පුරුද්දට වගේ. 

එත් අද  මට හිතුනා.." ගොයියෝ... මෙහෙම ඉදලා හරියන්නේ නෑ.. මමත් දන්න දේවල්.. අහපු කියපු...කිව්ව නොකිව්ව දේවල් අනන්තයි අප්‍රමානයි නේද... මෙව්වා අනිත් අයටත් කිව්වොත් හොදා නේද කියලා"..

ඔන්න ඔකයි මමත් මේ ඇක්‌ටිව් බොලොග්ගර් කෙනෙක්‌ වෙන්ට හිතුවේ..

මගේ අදහස්‌ උදහස්‌... පොඩි පොඩි රස කතා.... මම ඉගෙනගත්ත දන්න කියන දේවල් එහෙමත් ලියන්නයි අදහස.. මේවා අස්‌සට ඉතින් යාලු මිත්තරයංගේ පොඩි පොඩි හපංකම් ගැන කතන්දර ටිකකුත් ලියවේවි...

මම දන්න කතාවල කතා නයකයෝ නයිකාවෝ එහෙම මෙව්වා කියවලා අමනාප වෙන්න එහෙම එපා ඔන්න..
මගේ අදහස්‌ උදහස්‌ වගේම.. ජීවිත කතාවේ හුට පටත් ටිකක්‌ ලියන්ටයි අදහස..


ගුණ දොස්‌ කියන්ට ඕනි හොදේ...