Monday, 30 December 2013

ආදරය Defined!

ටිකක් රැඩිකල් වැඩකට අත ගහන්නයි යන්නේ. මගේ ආදරය ගැන කියවීම අනිත් අයට වඩා වෙනස් වෙන්න පුලුවන්. එහෙම උනත් මැදිහත් සිතින් කියවලා බලන්න.

ඉතින් මොනවා කරන්නත් ආදරය එහෙමත් නැත්තන් ඔය කවුරුත් කියන "LOVE" කියන වචනේ තෙරුම මොකක්ද කියන එකත් ලියලා දාන්න හිතුනා. ඔය ආදරේ කියලා කියන්නේ තරුණ කොල්ලෝ කෙල්ලෝ අතර ඇතිවෙන එකට විතරක් නෙමේනේ. මම දන්න විදියට ආදරයට අර්ථ දැක්වීම් තුනක් තියෙනවා.

1. දරුවන් කෙරේ දෙමාපියන්ගේ බැදීම. ඒ කිව්වේ දරු සෙනෙහස
2. තවත් පුද්ගලයෙක් කෙරේ ඇතිවන දැඩි බැදීම. ඒ කියන්නේ යාලු මිත්‍රකම
3. විරුද්ධ පාර්ශවයේ කෙනෙකු ( දැන් කාලේ නම් විරුද්ධ පාර්ශවේ වෙන්න ඕනිත් නෑ ඉතින් ) කෙරේ ඇතිවන ලිංගික ආකර්ශනය ( දැන් ඉතින් උඩ පැනගෙන කෑගහන්න එපා ආදරේ කියන්නේ ලිංගිකත්වයට නෙමේ කියලා. ඉවසලා ඉන්න එතනට ඉස්සරහාදී එනවා කතාව. දැනට ඉවසගෙන ඉන්න )

මගේ පුද්ගලික අදහස නම් ඔය අර්ථ දැක්වීම් සේරම 50% වත් වැරදියි කියලායි. කෙටියෙන්ම කියනවානම් ආදරය කියන්නේ කොටින්ම කන්සෙප්ට් එකක් විතරයි කියලායි.මම ඒක මගේ එක එක අර්ථ දැක්වීම අරගෙන විස්තර කරන්නම්.

මුලින්ම කතාකරමු දෙමාපිය ආදරය කියන එක. මේ තියන ආදරය කියන අර්ථ දැක්වීම් ගොඩෙන් වඩාත්ම නිරවද්ය ආදරය දෙමාපිය ආදරයනේ. ඒක මිනිස්සු අතර නෙමේ සත්තු අතරත් තියෙන නිකන් ඩ්ෆෙන්ස් මිකෑනිසම් එකක් වගේ දෙයක් ස්වාභවධර්මයෙන් ලැබුනු. මොකද දෙමාපිය ආදරය කියන එක නැත්තම් වර්ගයාගේ පැවැත්මක් නැතිවෙනවානේ. ඉතින් මෙච්චර ශක්තිමත් දෙමාපිය ආදරේ අඩුපාඩුව මොකක්ද කියල දැන් හිතෙනවානේ. එකට මම පොඩි උදාහරණයක් දෙන්නම්.හිතන්නකෝ ඔයාට රස්සාවක් මුකුත් නැතුව හරිහමන් විදියට ඉගෙනගෙනත් නැතුව ගෙදෙට්ට වෙලා ඉන්නවා කියලා. දැන් හිතන්න ඔයා ලොකු පඩි ලැබෙන හොද රස්සාවක් කරනවා කියලා. දෙමාපිය ආදරේ එකම විදියටද ලැබෙන්නේ? නෑනේද? ඒ කියන්නේ කෙනෙක් සාර්තකනම්, ශක්තිමත් නම්  දෙමාපිය ආදරේ උනත් වැඩි කියලාද? ඒ කියන්නේ දෙමාපිය ආදරේ උනත් සල්ලි නිසා උත්ප්‍රේරණය වෙනවාද?දැන් ඉතින් කෙනෙක් තර්ක කරාවි දෙමාපියෝ තමන්ගේ දරුවා අංග විකල උනත් ආදරේ අඩුවක් නෑ කියලා. සම්පූර්ණ ඇත්ත. මම කියන්නේ ඒ දෙමාපියන්ගේන් දරුවා ඉපදෙන්න කලින් ඇහුවොත් අංග විකල් ලමයෙකුට කැමතිද කියලා "හා" කියවි කියලා මම නම් හිතන්නේ නෑ. එහෙම ආදරය දැනෙන්නේ පරිණාමයත් සමාජතුල වන අදහස් ප්‍රේරණයත් නිසා කියලායි මගේ අදහස. ඔය තමන්ගේ දරුවා කුණුකූඩෙට දාලා යන මිනිස්සු තාම අපි අතරේ ඉන්නේ අන්න එහෙම හරියට පරිණාමයේ අදහස් ප්‍රේරණය නොවුනු අයයි.

ලිපිය ගොඩාක් දිග වැඩි වෙන නිසා මිත්‍රත්වය ගැන මම කතා කරන්නේ නෑ. මොකද අපි හෑමෝටම ඒ ගැන හොද අත්දැකීම් තියෙනවානේ. ඉතින් ඒගැන අපි කාගෙත් අදහස් සමපාත වෙයි කියන එකයි මගේ අදහස.

ඔන්න දැන් තමයි මේ කතාබහ ටිකක් උනුසුම් වෙන්නේ. දැන් කතාකරමු ඔය කොල්ලෝ කෙල්ලෝ අතර ඇතිවන ආදරය. මම කලිනුත් කිව්වානේ තරුණ ආදරය කියන්නේ තනිකර ලිංගිකත්වය මත පදනම් වෙන දෙයක් කියලා. දැන් ඉතින් එහෙම නෑ කියන අයත් ඇතිනේ. මම එයාලගෙන් අහන්නේ මෙච්චරයි. දැන් කෙල්ලෝ කොල්ලෝ යාලුවෙන්නේ මොකටද? අතුරු මිතුරු කරන්න, බට්ටා පනින්න නෙමේනේ නේද? ඒක අපි කවුරුත් දන්න නමුත් එලිපිට කියන්නේ නැති ඇත්ත. 

මේ තරුණ ආදරය කියන්නේ දැන් ලෝකයේ වැඩියෙන්ම විකිනෙන මනුස්ස හැගීම් වලින් එකක්. නත්තල, වෙසක් වගේම හොද මාකටින් ඔපචුනිටි එකක් විදියට වැලන්ටයින්ස් ඩේ කියන මොන බල්ලටවත් වැඩක් නැති දවසක් අපේ රටේ හිටන් ප්‍රසිද්ධ වෙලා (කරලා) තියෙන්නේ ඔය ප්‍රොෆිට් ඔරීන්ටඩ් කොම්පැනි සහ අපේ ඇස් කන් නැති සිහලුන්ය. ඉතින් ආදරය කියන එකේ බේසික් අදහසවත් නොදන්න පොඩි කොල්ලෝ කෙල්ලෝ ආදරේ කරන්න ගන්නවා. ඒක නිකන් අර උසස් පෙල ඉවර උනාම කෙල්ලට කොල්ලෙක් නෑ කියන්නේ මොබයිල් ෆෝන් එකක් නෑ වගේ වෙලා. ඒ කියන්නේ දෑන් සමාජේ ඉන්න අනිවාර්ය සුදුසුකමක් වෙලා.


ඉතින් මෙහෙම ලිංගිකත්වය කියන එක මත පටන් ගන්න ආදරය පහුකාලීනව නිකන් එකගතාවක්බවට පත්වෙනවා. ඕනිම එකගතාවක් හොදට නැගලා යන්න ඕනි පැට්‍රෝල් ජාතිය ඉතින් සල්ලිනේ. ඉතින් සල්ලි තියනකම් ආදරය කියන ඇග්‍රීමන්ට් එකත් හොදට තියෙනවා. සල්ලි නැතිනම් ඉතින් ආදරේ යන්නේ කුස්සියේ හට්ටි වලන් එහෙමත් බිදගෙනයි. සාරංශ මේකයි. ආදරය කියන්නේ බඩගින්න හා සමාන ඒ වගේම මනුස්ස වර්ගයාගේ පැවැත්මට අවැසි එකක්. නමුත් ඒක නිකම්ම නිකන් පිවිතුරු හැගීමක් නම් නෙවෙයි. ගොඩක් ඔය ආදරය පිවිතුරුය කියන උන්දලා කියන්නේ පට්ටපල් බොරු. සල්ලි වටේ ලෝකේ කැරකැවෙන්න කලින් ආදරය පදනම් උනේ ශක්තිය සහ ශාරීරික ආකර්ශනය ("physical attraction") මත. දැන් සල්ලි ප්‍රධාන සාධකය. ඒකේ කිසි වරදක් නෑ. මොකද ඒක තමා අපේ Natural wiring වෙලා තියෙන විදිය. තරුණ ආදරය යනු කාමයේ "Family Friendly " ට්‍රාන්ස්ලේශන් එක කියන එක මගේ මතයයි. හැම දේම සල්ලි වටේ බ්‍රමනය වෙන මේ ධනවාදී ඉකොනොමි එකේ ආදරයත් තවත් එක වචනයක් විතරයි සහෝදරයා


Friday, 9 August 2013

බාප්පාගේ "Air Gesture" එක

මම ලියන කතා ගොඩක් වෙලාවට පරණ සිද්දිනේ. ඉතින් අද වෙනසකටත් එක්ක මේ ලගකදී මගේ මිත්තරයෙක්ට වෙච්චි අකරතැබ්බයක් ගැන ලියන්ට හිතුනා. අපේ මේ යාලුවාට කවුරුත් ආදරේට කිව්වේ බාප්පා කියලා [පොස් කෙල්ලෝ බාප්පී කියලත් කියනවා මූට]. එතින් මේ අපේ බාප්පත් එංගලන්තේ අවුරුදු කීපයක් ජීවත් වෙලා දැන් මේ දවස් වල ලංකාවට ගොහින්නේ ඉන්නේ. අනේ ඉතින් කියන්ට වරදක් නෑ තාම අපිට "skype" එකෙන් එහෙම කතා බහ කරලා සැපදුක අහලා බලනවා. එතින් ඔන්න ඔහොම දවසක් වගතුග කතා කොර කොර ඉන්නකොට ඉතින් මම මගේ අලුත් ජංගමේ ගැනත් කිව්වා. මොකද මම මේ ලගදී Samsung S4 එකක් ගත්තා නොවේ. අපේ බාප්පා ඉතින් මලත් ඇපල් iPhone පොරනේ ඉතින්. මිනිහා ඉතින් මම ඒක කිව්ව ගමන් ඇහුවේ ඉතින් "ආ.. උබලත් අහුවෙනවානේ බන් ඔව්වාට. S3 එකෙන්වත් උබ පාඩමක් ඉගෙනගත්තේ නෑනේ. කියපන්කෝ බලන්ට මොනාද ඕකේ ෆීචර්ස්" කියලා. ඉතින් මමත් මිනිහට පෝන් එකේ තියෙන වැඩ කිඩ ටිකක් කිව්වා.

 ඔය අතරේ ඉතින් S4 ගැන පොඩ්ඩක් හොයලා බලපු අය දන්නවා ඇතිනේ "Air Gesture" සීන් එක. අර "Motion detection" සීන් එකෙන් වැඩ කිඩ දාන එක. ඉතීන් මමත් බාප්පට ඔය සීන් එක කිවා. මෙන්න ඒක කිව්වා විතරයි මූ ලොකු කින්ඩි හිනාවක් දැම්මා. බාප්පාව දන්න කොයි කවුරුත් දන්නවා ඉතින් ඔය හිනාවෙන්නේ මොකක් හරි කට කැඩිච්චි කතාවකට වග. මමත් ඉතින් හිතුවා දැන් ඉතින් මොකක් හරි ඇදයක් කියයි කියලා. මොකද කොහොමත් ඇපල් ෆොන් කාරයෝ ඇන්ඩ්‍රොඩ් කාරයොත් එක්ක අවුල්නේ. මූ කියපි "අපෝ බන් උබේ ෆෝන් එක වැඩක් නෑනේ " කියලා. ඉතින් මමත් ඇහුවා "ඇයි බොල ඒ? " කියලා. බාප්පා කියපි " ඇයි බන් ඔය එයා ජෙස්චර් එක තියගෙන බීච් එකටවත් යන්න බෑනේ. කොහොමද කිසි වැඩක් කරගන්නේ"  කියලා. එතකොටයි මට තේරුනේ බාප්පා "Air gesture" කියලා හිතන් ඉදලා තියෙන්නේ ඒක හුලගට වැඩ කරන එකක්ය කියලා. ඒකයි මුහුදු වෙරලේදී වැඩ කරන්නේ නෑ කියලා හිතලා තියෙන්නේ. ඕක ඉතින් මම බොහොම සතුටින් මිනිහට විස්තර කලා. අනේ තාම ඊට පස්සේ මූ ඔන්ලයින් ආවේ නෑනේ. ඔහොම තමයි බාප්පේ, "කොල්ලෝනේ බන්" හක් හක් :ඩ් [ විලි ලැජ්ජයි. තැන්ක් යූ !]



Saturday, 11 May 2013

ඩලා, සුනාමිය සහ ප්‍රින්ටරය

කතාවක් කියන්නයි යන්නේ කාලෙකින්.පටන්ගන්න සුදුසු විදියක් හිතාගන්න බැරිව මාව නිකන් confuse වෙලා ඉන්නේ. අහ්හ් ..... වචනෙන් මතක් උනා හරිම ලස්සන කියමනක්. "Swimming is a confusing sport, because sometimes you do it for fun, and other times you do it to survive. And when I'm swimming, sometimes I'm not sure which one it is".මේ කියමන මට ඇහුනේ Demetri Martin කියන ඇමෙරිකානු ජාතික "stand up comedian" ගේ ප්‍රසංගයකදී. මම "stand up comedian" කියලා ලිව්වේ ඒකේ සිංහල තේරුම නොදැන නේමේ. විහිලු කරන හැම මිනිහාම කවටයෙකු නොවෙන නිසා. මේ කියමන ඉතින් නිකන් කටට ආවට කිව්වා නෙමේ. මේ කතාවත් ඉතින් පීනීමටත් ටිකක් සම්බන්ධයි.

වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කතාවටම බහින්
නම්. එදා දවස පටන් ගන්නකොට කවුරුත් හිතන්නේ නැතුව ඇති ඒ දවස අද වෙනකම් අපේ රටේ මිනිස්සුන්ට මතක හිටින දවසක් වෙයි කියලා. (හැබැයි ඒකත් සුවර් නෑ. අපේ මිනිස්සුන්ට අතීතේ බොහොම ඉක්මනට අමතක වෙනවානේ!) කොහොමහරි ඉතින් මේ කතාව සිද්ද උනේ 2004 දෙසැම්බර් 26. ඔව් සුනාමිය අපේ රටට කඩාගෙන ආපු ඒ මූසල දවසේ තමයි. හැබැයි කතාවනම් මූසල එකක් නෙමේ. මොකද මේ කතාවේ කතා නායකතුමා බොහෝම දැන උගත් අපේ හොද මිත්තරයෙක්. අපි මිනිහට ඩලා කියමුකෝ. දන්න අය ඉතින් දන්නවා මෑන්ස් කවුද කියලා. ලගදී මේ එංගලන්තෙත් අලුත් බිස්නස් එකක් පටන් ගත්තා "බුස්සේ ඩලා ඇන්ඩ් ෆෙරෙන්ඩ්ස්" කියලා. පොඩි ලමයි බයකරන්න, ගස්වල අතුකපන්න, කෙල්ලෝ බයකරන්න එහෙමත් කොන්තරාත්තු බාරගන්නවා කියලායි ආරංචි.


කොහමහරි කතාව මේකයි. ඔය සුනාමිය ආපු කාලේ අපේ ඩ්ලා ඔය උසස් පෙල කොරන කාලෙලුනේ. ඉතින් මිනිහාට ඒ දවස්වල ඉස්කෝලේ නිවාඩුත් නිසා ගෙදර තමයි ඉදලා තියෙන්නේ. ඉතින් නිකන් ඉන්න එකේ අපේ ඩලා ගියාලු මෑන්ස්ලාට අයිති කොමියුනිකේසන් එක පැත්තට. ( අපි නොදන්න reload කිව්වාලු ;) ) කොහොමහරි ඉතින් මිනිහා කඩේට වෙලා කල්පනා සයුරේ වෙලී ඉද්දී මිනිස්සු කෑගහගෙන දුවන් එනවා ඇහිලා එලියට ගියාලු මොකක්ද මේ ජරමරේ කියලා බලන්න. එතකොටලු දැක්කේ මුහුද ගොඩගලාගෙන එනවා. කොහොමහරි ඉතින් අපේ ඩලා මේ ජරමර මැද්දේ දුවලා ගිහින් නැගගත්තාලු උස පොල්ගහකට. ඔහොම පොල්ගහට වෙලා ටිකක් වෙලා ඉද්දී ඒ පැත්තට පාවෙලා ආවාලු මිනිහාගේ කඩේ තිබ්බ ප්‍රින්ටර් එකක්. සතුට ඉහවහ ගිහින් ඔන්න ඩලා අල්ලා ගත්තාලු ප්‍රින්ටරෙත් එක අතකින්. අනේ ඉතින් මේවා මම දැකපුවානම් නෙමේ මටත් ඉතින් අහන්ට ලැබුන කතා තමයි.


කොහොමහරි උට්ටාන වීරියද මොකක්ද එකයි, මර බියයි දෙකම නිසා මිනිහත් දැන් කිටි කිටි ගහත් බදාගෙන ප්‍රින්ටරෙත් අල්ලන් ඉන්නවාලු. ඔන්න එතකොට ඩලාගේ අල්ලපු ගෙදර ඇන්ටි කෑගහනවා ඇහිලා අපේ ඩලා වටපිට හැරිලා බලලා තියනවා එතකොටලු දැක්කේ ඇන්ටිව බාදිය එක්ක ආපහු මුහුදට ගහගෙන යන්න එනවා. ඇන්ටිත් ඉතින් ඩලා දැකලා කෑගහලා "කොල්ලෝ අත දීපන්" කියලා. ඒත් කොහොමදෙන්නද එක අතකින් ගහ බදන් අනිත් අතේ ප්‍රින්ටරේනේ. ඉතින් අපේ ඩලා කවදත් හරි අවංක මිනිහානේ. ඉතින් මිනිහා කෑගහලා කිව්වාලු "අනේ ඇන්ටි අත දෙන්න විදියක් නෑනේ මගේ අතේ ප්‍රින්ටරේනේ" කියලා. කොහොමහරි ඉතින් ඒ ඇන්ටිත් කොහෙදෝ එල්ලිලා ජීවිතේ බේරගෙන දැන් අපේ ඩලා දකින දකින වෙලාවට පදෙන් අමතනවාය කියලායි ආරංචි. (ඒකලුනේ බැරිම තැන මිනිහා එංගලන්තේ ආවා කියන්නේ). කොහොම වෙතත් එදා ඉදන් මිනිහා ප්‍රින්ටවුට් එකක්වත් ගන්න ප්‍රින්ටරයක් ගාවට යන්නේ නැතිලු.

Mark Twain කියපු කියමනකින් මේ ලිපියට තිත තියන්න හිතුවා. Twain මහත්තයා කිව්වා "The two most important days in your life are the day you were born and the day you find out why". හිතන්න වටින කතාවක්. අපේ ජීවිතේ ඇත්තටම අපිට වටින්නේ මොනවාද? අපි ඇත්තටම ජීවත් වෙන්නේ මොනවා නිසාද? කවුරු නිසාද? ඇයි? මේ ප්‍රස්න විසදගත්තොත් අපේ ජීවිත ගොඩක් සරල වේවි.