කතාවක් කියන්නයි යන්නේ කාලෙකින්.පටන්ගන්න සුදුසු විදියක් හිතාගන්න බැරිව මාව නිකන් confuse වෙලා ඉන්නේ. අහ්හ් ..... වචනෙන් මතක් උනා හරිම ලස්සන කියමනක්. "Swimming is a confusing sport, because sometimes you do it for fun, and other times you do it to survive. And when I'm swimming, sometimes I'm not sure which one it is".මේ කියමන මට ඇහුනේ Demetri Martin කියන ඇමෙරිකානු ජාතික "stand up comedian" ගේ ප්‍රසංගයකදී. මම "stand up comedian" කියලා ලිව්වේ ඒකේ සිංහල තේරුම නොදැන නේමේ. විහිලු කරන හැම මිනිහාම කවටයෙකු නොවෙන නිසා. මේ කියමන ඉතින් නිකන් කටට ආවට කිව්වා නෙමේ. මේ කතාවත් ඉතින් පීනීමටත් ටිකක් සම්බන්ධයි.
වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කතාවටම බහින්
නම්. එදා දවස පටන් ගන්නකොට කවුරුත් හිතන්නේ නැතුව ඇති ඒ දවස අද වෙනකම් අපේ රටේ මිනිස්සුන්ට මතක හිටින දවසක් වෙයි කියලා. (හැබැයි ඒකත් සුවර් නෑ. අපේ මිනිස්සුන්ට අතීතේ බොහොම ඉක්මනට අමතක වෙනවානේ!) කොහොමහරි ඉතින් මේ කතාව සිද්ද උනේ 2004 දෙසැම්බර් 26. ඔව් සුනාමිය අපේ රටට කඩාගෙන ආපු ඒ මූසල දවසේ තමයි. හැබැයි කතාවනම් මූසල එකක් නෙමේ. මොකද මේ කතාවේ කතා නායකතුමා බොහෝම දැන උගත් අපේ හොද මිත්තරයෙක්. අපි මිනිහට ඩලා කියමුකෝ. දන්න අය ඉතින් දන්නවා මෑන්ස් කවුද කියලා. ලගදී මේ එංගලන්තෙත් අලුත් බිස්නස් එකක් පටන් ගත්තා "බුස්සේ ඩලා ඇන්ඩ් ෆෙරෙන්ඩ්ස්" කියලා. පොඩි ලමයි බයකරන්න, ගස්වල අතුකපන්න, කෙල්ලෝ බයකරන්න එහෙමත් කොන්තරාත්තු බාරගන්නවා කියලායි ආරංචි.
කොහමහරි කතාව මේකයි. ඔය සුනාමිය ආපු කාලේ අපේ ඩ්ලා ඔය උසස් පෙල කොරන කාලෙලුනේ. ඉතින් මිනිහාට ඒ දවස්වල ඉස්කෝලේ නිවාඩුත් නිසා ගෙදර තමයි ඉදලා තියෙන්නේ. ඉතින් නිකන් ඉන්න එකේ අපේ ඩලා ගියාලු මෑන්ස්ලාට අයිති කොමියුනිකේසන් එක පැත්තට. ( අපි නොදන්න reload කිව්වාලු ;) ) කොහොමහරි ඉතින් මිනිහා කඩේට වෙලා කල්පනා සයුරේ වෙලී ඉද්දී මිනිස්සු කෑගහගෙන දුවන් එනවා ඇහිලා එලියට ගියාලු මොකක්ද මේ ජරමරේ කියලා බලන්න. එතකොටලු දැක්කේ මුහුද ගොඩගලාගෙන එනවා. කොහොමහරි ඉතින් අපේ ඩලා මේ ජරමර මැද්දේ දුවලා ගිහින් නැගගත්තාලු උස පොල්ගහකට. ඔහොම පොල්ගහට වෙලා ටිකක් වෙලා ඉද්දී ඒ පැත්තට පාවෙලා ආවාලු මිනිහාගේ කඩේ තිබ්බ ප්‍රින්ටර් එකක්. සතුට ඉහවහ ගිහින් ඔන්න ඩලා අල්ලා ගත්තාලු ප්‍රින්ටරෙත් එක අතකින්. අනේ ඉතින් මේවා මම දැකපුවානම් නෙමේ මටත් ඉතින් අහන්ට ලැබුන කතා තමයි.
කොහොමහරි උට්ටාන වීරියද මොකක්ද එකයි, මර බියයි දෙකම නිසා මිනිහත් දැන් කිටි කිටි ගහත් බදාගෙන ප්‍රින්ටරෙත් අල්ලන් ඉන්නවාලු. ඔන්න එතකොට ඩලාගේ අල්ලපු ගෙදර ඇන්ටි කෑගහනවා ඇහිලා අපේ ඩලා වටපිට හැරිලා බලලා තියනවා එතකොටලු දැක්කේ ඇන්ටිව බාදිය එක්ක ආපහු මුහුදට ගහගෙන යන්න එනවා. ඇන්ටිත් ඉතින් ඩලා දැකලා කෑගහලා "කොල්ලෝ අත දීපන්" කියලා. ඒත් කොහොමදෙන්නද එක අතකින් ගහ බදන් අනිත් අතේ ප්‍රින්ටරේනේ. ඉතින් අපේ ඩලා කවදත් හරි අවංක මිනිහානේ. ඉතින් මිනිහා කෑගහලා කිව්වාලු "අනේ ඇන්ටි අත දෙන්න විදියක් නෑනේ මගේ අතේ ප්‍රින්ටරේනේ" කියලා. කොහොමහරි ඉතින් ඒ ඇන්ටිත් කොහෙදෝ එල්ලිලා ජීවිතේ බේරගෙන දැන් අපේ ඩලා දකින දකින වෙලාවට පදෙන් අමතනවාය කියලායි ආරංචි. (ඒකලුනේ බැරිම තැන මිනිහා එංගලන්තේ ආවා කියන්නේ). කොහොම වෙතත් එදා ඉදන් මිනිහා ප්‍රින්ටවුට් එකක්වත් ගන්න ප්‍රින්ටරයක් ගාවට යන්නේ නැතිලු.
Mark Twain කියපු කියමනකින් මේ ලිපියට තිත තියන්න හිතුවා. Twain මහත්තයා කිව්වා "The two most important days in your life are the day you were born and the day you find out why". හිතන්න වටින කතාවක්. අපේ ජීවිතේ ඇත්තටම අපිට වටින්නේ මොනවාද? අපි ඇත්තටම ජීවත් වෙන්නේ මොනවා නිසාද? කවුරු නිසාද? ඇයි? මේ ප්‍රස්න විසදගත්තොත් අපේ ජීවිත ගොඩක් සරල වේවි.
Showing posts with label Rakhita. Show all posts
Showing posts with label Rakhita. Show all posts
Saturday, 11 May 2013
ඩලා, සුනාමිය සහ ප්‍රින්ටරය
Location:
Sheffield, South Yorkshire, UK
Tuesday, 11 October 2011
බිරන්තට්ටු ගීත
අද බ්ලොග් රෝල ලියද්දී රඛිත කොලුවාට හිතුනා අද බ්ලොග් රෝලේ කොලොන්නාවේ ගොන් පයිට් එක ගැන පොඩ්ඩක් ලියලා බ්ලොග් රෝල දේශපාලනීය කොරන්ට. පස්සේ ආයෙත් හිතුනා ඕනි ගොනෙක් උන්ඩ බැරිනම් අලි ගිල්ලාවේ මේ මට මොකෝ කියලා. ඒක නිසා අද අලුත්ම සීන් එකක් ලියන්ටයි අදහස.
අද කියන්ට යන්නේ අපි අහලා තියෙන, ගොඩක් අය කැමති හැබැයි කියන මෙලෝ දෙයක් නොතේරෙන සිංදු. මෙලෝ දෙයක් නොතේරන කිව්වේ සිංහල, හිංදි සහ ඉංග්‍රිසි නොවන ගීත. එහෙම කිව්වාට එතින් දැන් දැන් තියෙන සිංහල සින්දුවලත් මොනවා තියෙනවද කියලා නොතේරෙන වෙලාවලුත් නැතුවා නෙමේ. කොහොම උනත් මේන්න මගේ ලැයිස්තුව. මේකේ සිංදු කීපයක් අඩුයි. කෝ ඉතින් සර්ච් පාරක් දාන්නත් නමක් දන්න එකක්යෑ.
1.Las Ketchup - Asereje
මේක මම ඇහුවේ මීට අවුරුදු 10කට විතර කලින්. මුකුත් නොතේරුනාට ඉතින් නරක නෑ ඉතින්. කියන්නේ "Las Ketchup" ලතින් ගෑනු ලමයි කට්ටියක්."Girl Bands" කියල කියන්නේ මෙවාගේ කට්ටියටනේ.
2. Ricky Martin- Maria
මේකත් බොහොම කාලෙකට කලින් අහපු සිංදුවක්. ගායකයා ඔය කවුරුත් දන්න රිකී මාටින් හාදයා. මෑන්සුත් ලතින් තමයි.
මේක ඇහුවේ මීට අවුරුදු 2-3කට කලින්. මේක නිකුත් උනේ අපි කවුරුත් දන්න කියන " Fast and Furious 3 (Tokyo Drift)" චිත්‍රපටියට සමගාමීවනේ.
4. Pitbull ft Pharell- Blanco
මේක මේකාලේ සෑහෙන්න ප්‍රසිද්ධ බුවෙක් වෙන පිට්බුල් ගේ. කියුබානු සම්බවයක් ඇති පිට්බුල්ගේ සිංදු ප්‍රසිද්ධ වෙන්නේ සිංදු ලස්සන නිසාද ඒවාගේ ඉන්න "චීස් කෑලි" වගේ ගෑනු ලමයි නිසාද කියන එකනම් පොඩි ප්‍රස්නයක් තමයි. කෙසේ වෙතත් මේ සිංදුවේනම් "චීස් විකිනීමක්" පෙනෙන්ට නොතිබුනත් සිංදුවනම් බොහොම ලස්සනයි.
5.Shakira- Gitana
මේක ඉතින් කවුරුත් දන්න ශකීරාගේ ලතින් බාසාවෙන් කියපු සිංදුවක්. මේකෙම ඉංග්‍රිසි ගීතය තමයි "Gypsy". ඒකත් අහලා බලන්න. මේකත් නිකන් නන්දා මාලනීගේ "යනවානම් අනේ මන් අරන් යන තැනකට යන්න රත්තරන්" වගේ තමයි.
තවත් මේ වගේ අපූරු බ්‍රරන්ත සින්දු දන්නවානම් ඒවාත් Comments වලට එකතු කරන්න.
Subscribe to:
Posts (Atom)
