Tuesday 11 October 2011

බිරන්තට්ටු ගීත


අද බ්ලොග් රෝල ලියද්දී රඛිත කොලුවාට හිතුනා අද බ්ලොග් රෝලේ කොලොන්නාවේ ගොන් පයිට් එක ගැන පොඩ්ඩක් ලියලා බ්ලොග් රෝල දේශපාලනීය කොරන්ට. පස්සේ ආයෙත් හිතුනා ඕනි ගොනෙක් උන්ඩ බැරිනම් අලි ගිල්ලාවේ මේ මට මොකෝ කියලා. ඒක නිසා අද අලුත්ම සීන් එකක් ලියන්ටයි අදහස.

 අද කියන්ට යන්නේ අපි අහලා තියෙන, ගොඩක් අය කැමති හැබැයි කියන මෙලෝ දෙයක් නොතේරෙන සිංදු. මෙලෝ දෙයක් නොතේරන කිව්වේ සිංහල, හිංදි සහ ඉංග්‍රිසි නොවන ගීත. එහෙම කිව්වාට එතින් දැන් දැන් තියෙන සිංහල සින්දුවලත් මොනවා තියෙනවද කියලා නොතේරෙන වෙලාවලුත් නැතුවා නෙමේ. කොහොම උනත් මේන්න මගේ ලැයිස්තුව. මේකේ සිංදු කීපයක් අඩුයි. කෝ ඉතින් සර්ච් පාරක් දාන්නත් නමක් දන්න එකක්යෑ.

1.Las Ketchup - Asereje
මේක මම ඇහුවේ මීට අවුරුදු 10කට විතර කලින්. මුකුත් නොතේරුනාට ඉතින් නරක නෑ ඉතින්. කියන්නේ "Las Ketchup" ලතින් ගෑනු ලමයි කට්ටියක්."Girl Bands" කියල කියන්නේ මෙවාගේ කට්ටියටනේ.


2. Ricky Martin- Maria
මේකත් බොහොම කාලෙකට කලින් අහපු සිංදුවක්. ගායකයා ඔය කවුරුත් දන්න රිකී මාටින් හාදයා. මෑන්සුත් ලතින් තමයි.

3.Teriyaki Boyz- Tokyo Drift
මේක ඇහුවේ මීට අවුරුදු 2-3කට කලින්. මේක නිකුත් උනේ අපි කවුරුත් දන්න කියන " Fast and Furious 3 (Tokyo Drift)" චිත්‍රපටියට සමගාමීවනේ.


4. Pitbull ft Pharell- Blanco
මේක මේකාලේ සෑහෙන්න ප්‍රසිද්ධ බුවෙක් වෙන පිට්බුල් ගේ. කියුබානු සම්බවයක් ඇති පිට්බුල්ගේ සිංදු ප්‍රසිද්ධ වෙන්නේ සිංදු ලස්සන නිසාද ඒවාගේ ඉන්න "චීස් කෑලි" වගේ ගෑනු ලමයි නිසාද කියන එකනම් පොඩි ප්‍රස්නයක් තමයි. කෙසේ වෙතත් මේ සිංදුවේනම් "චීස් විකිනීමක්" පෙනෙන්ට නොතිබුනත් සිංදුවනම් බොහොම ලස්සනයි.


5.Shakira- Gitana
මේක ඉතින් කවුරුත් දන්න ශකීරාගේ ලතින් බාසාවෙන් කියපු සිංදුවක්. මේකෙම ඉංග්‍රිසි ගීතය තමයි "Gypsy". ඒකත් අහලා බලන්න. මේකත් නිකන් නන්දා මාලනීගේ "යනවානම් අනේ මන් අරන් යන තැනකට යන්න රත්තරන්" වගේ තමයි.

තවත් මේ වගේ අපූරු බ්‍රරන්ත සින්දු දන්නවානම් ඒවාත් Comments වලට එකතු කරන්න.

No comments:

Post a Comment