මේ සිද්දිය උනේ මීට අවුරුදු බරගානකට කලින්... මම එතකොට ඉතින් පුංචි හාදයා ( පුංචි කිව්වෙ ඉතින් වයස ඔන්න, ඒකලෙත් බෝලේ වගේ තමයි).. යන්තම් අවුරුදු හතරයි හරි පහයි හරි වයස ..
එතින් මමත් ඔන්න ඒ දවස් වල ඉතින් මොන්ටිසෝරි යන කලේ එතින්.. මම එතින් ගියේ ගෙදරින් ටිකක් දුර බැහර මොන්ටිසෝරියක්‌ට.. මොකද අපේ ගෙදර උදවියට අදහසක් තිබ්බා මොන්ටිසෝරි යවනවානම් එකතමා එක කියල.. හරියට නිකන් ඉස්‌කෝලේ යවනවානම් එතින් අහවල් ඉස්‌කෝලේට යවන්න ඕනි වගේ තමා... වරදක් කියන්නත් බෑ එතින්.. කොයි දෙමව්පියත් දරුවන්ට හොදම දේ කරන්නනේ උත්සාහේ...

මගේ පියත් මොහොතක් තක්‌බිර් උනාලු. ඊට පස්‌සේ මගේ දිහා හැරිලා අහුවලු මේ කියන්නේ ඇත්තද කියලා? කොල්ලා ගත් කටටම කිව්වාලු ඔව් තාත්තේ ඇත්ත කියලා..
දන්නවා උනත් කොලුවා නහරකාරයා කියලා තාත්තා ඇහුවාලු එතින් ඇයි පුතේ එහෙම කලේ දන්නවා නේද එක වැරදියි කියලා ..
එතින් මම කිව්වාලු එතින් මම ගැහව්වේ මම කලේ නැති දෙයක් කලා කියලා හැමෝම ඉස්‌සරහා බැන්න නිසාලු.. මම කිව්වදේ අහුවේවත් පිලිගත්තේවත් නැති නිසාලු...
ඔන්න ඔහොමයි කතාව වුනා කියන්නේ... මට ඉතින් සහසුද්දෙට මතක නෑ එතින්.. මගේ පියා කතාව කියන්නේ එහෙමයි.. ඊට පස්‌සේ එතින් මා ලවා ගුරුතුමීට වැදලා සමාව එහෙම අරගෙන ගෙදර එක්‌කන් ආවාලු.. හැබැයි තරවටු කලේ නැහැලු...
දැන් ඒගැන හිත්ත්දී හරිම පුදුම හිතෙනවා.. පුංචි හිත කොච්චර එඩිතරද කියලා.. අසාධාරනේට නැගීහිටින්න තරම් ...
අද අපිට කොච්චර අසාධාරණකම් සිද්ද වෙනවාද? මෙච්චර උගත්තු ඉදිදී ඇදුනුම් කම් වලට පගාවට රස්‌සාවල් මහ දවාලේ විකිනෙනවාද? මනුස්‌සකම ,අපේකම එහෙම සල්ලි ඉස්‌සරහා, බලපුලුවන් කාරකම ඉස්‌සරහා දනගහද්දී අපි නිකන් රූකද නේද කියලත් වෙලාවකට මට හිතෙනවා...
මේවා දැක දැක අපිත් නිකන් ඉන්නවා මිසක් ඒ පෙරපාසල් දරුවා කාලේ තිබ්බ එඩිතර කම අපේ ලග දැන් නෑනේද කියලා හිතද්දි පොඩි දුකකුත් දැනෙනවා ඉතින්..
No comments:
Post a Comment